බටහිර රටවල මාධ්‍ය නිදහස පිළිබද දෙබිඩි පිළිවෙත
2021-06-25 19:05:26
Share with:

බටහිර රටවල මාධ්‍ය නිදහස පිළිබද දෙබිඩි පිළිවෙත_fororder_香港 锐评

චීනයේ හොංකොං හි Apple Daily පුවත්වත් සහ එහි ප්‍රවෘත්ති වෙබ් අඩවිය ක්‍රියාත්මක වීම නැවැත්වීම ප්‍රකාශ කිරීමෙන් පසු, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යන බටහිර රටවල ඇතැම් දේශපාලනඥයන්, ඊනියා චීනයේ “මාධ්‍ය නිදහසට එරෙහි ප්‍රහාරය”ගැන ප්‍රසිද්ධියේ අපහාස කර තිබේ.

Apple Daily ප්‍රශ්නය හා  නිදහස් මාධ්‍ය අතර කිසිදු සම්බන්ධයක් නොමැත. එය චීනයේ හොංකොං ජාතික ආරක්ෂක නීතිය උල්ලං ඝනය කිරීම හා සම්බන්ධ කරුණකි.

Apple Daily පුවත්පත සහ එහි ප්‍රවෘත්ති වෙබ් අඩවිය ක්‍රියාත්මක වීම නැවැත්වීම යනු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකි. ඊනියා "බලහත්කාරයෙන් වසා දැමීම" මුළුමනින්ම පදනම් විරහිත ය.

පසුගිය වසරේ ඇමරිකාව පුරා පැතිර ගිය මහා පරිමාණ විරෝධතා අතරතුර, එරට පොලීසි මාධ්‍ය සේවකයින්ට වෙඩි තැබීම, පහර දීම හෝ අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ. මෙය  ඇමරිකානු “මාධ්‍ය නිදහස” ද?

පසුගිය 22වැනිදා, "සම්බාධක උල්ලංඝනය කිරීම" හේතුවක් ලෙස දක්වා, ඇමරිකා රජය ඉරාන ප්‍රවෘත්ති මාධ්‍ය  වෙබ් අඩවි 30 කට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබේ.

විවිධ විශ්ලේෂණයන් මගින් පෙන්වා දුන්නේ, ඇමරිකාව සිය අසාධාරණ ක්‍රියාව මගින්, “මාධ්‍ය නිදහස” තමා විරුද්ධවාදීන් මර්දනය කිරීමේ දේශපාලන මෙවලමක් පමණක් ලෙසට යොදා ගන්නා බවට යළි ඔප්පු කර ඇති බවයි.

බ්‍රිතාන්‍යය ද සමාන ලෙස ක්‍රියා කරයි.Russia Today රූපවාහිනියේ ප්‍රවෘත්ති වාර්තාකරනය, බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට වඩා හාත්පසින්ම වෙනස්වීම හේතුවෙන්, බ්‍රිතාන්‍යය ඊට එරෙහිව බොහෝ  වර පියවර ‍ගෙන ඇති අතර, බ්‍රිතාන්‍යයේ පැවති Russia Today රූපවාහිනියට අයත් සියලුම බැංකු ගිණුම් වසා දමා තිබේ.

මෙය “මාධ්‍ය නිදහස” ද?

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන