චීන කොමියුනිස්ට් පක්ෂයේ මානව හිමිකම් ව්‍යායාමය
2021-06-25 10:46:52
Share with:

图片默认标题_fororder_rBABCmDUx32ANkcZAAAAAAAAAAA539.3587x2019.1000x563

ඊයේ(24) චීනය ‘ චීන කොමියුනිස්ට් පක්ෂය මානව හිමිකම් අගය කිරීමේ හා ආරක්ෂා කිරීමේ විශිෂ්ඨ අනුගමනය ’ පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කළේ ය.ආරම්භයේ සිට, චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව කේන්ද්‍ර කර ගත් සංකල්පයේ දැඩි ලෙස එල්බ සිටිමින්, චීන විශේෂ ලක්ෂණ වලින් යුක්ත සමාජවාදී මානව හිමිකම් සංවර්ධන මාර්ගයක් සාර්ථක ව බිහි  කර තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ ශත සංවත්සරය මෙම වස‍රේ සනිටුහන් කෙරේ. ගත වූ වසර 100 තුළ, චීන කොමියුනිස්ට් පක්ෂය, සාමයට හා වර්ධනයට ඇලුම් කරන දේශපාලන පක්ෂයක් බව සිය සැබෑ ක්‍රියා වලින් පිළිබිඹු කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂය ලෝක මානව හිමිකම් ව්‍යායාමය අඛණ්ඩ ව වැඩිදියුණු කිරීම ඉදිරියට ගෙන යාමේ පක්ෂයක් ‍බවට ද ඉන් සනාථ වී ඇත.ඊයේ(24) පළ කෙරුණු එම ධවල පත්‍රිකාවේ සඳහන් වන පරිදි, මානව හිමිකම් පිළිබඳ සංවාද හා අදහස් හුවමාරු චීනය පුළුල් ලෙස ක්‍රියාවට නංවා තිබේ. දිළිඳුකම අවම කිරීමේ අන්තර්ජාතික සහයෝගීතාව වෙනුවෙන් ද චීනය සක්‍රීය ලෙස පෙනී සිටී. මේ සඳහා, කිසිදු දේශපාලන කොන්දේසියකින් තොර සංවර්ධන සහයන් චීනය සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවලට සපයා ඇත. නව කොරොනා වසංගත පාලනය සඳහා වන අන්තර්ජාතික සහයෝගීතාව පැවැත්වීම චීනය ඉදිරියට ගෙන යයි. එමෙන් ම, ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩ නැගීම මගින් ද, චීනය ලෝකයේ විවිධ රටවල් සමග සංවර්ධන අවස්ථා බෙදා ගෙන ඇත.ඇතැම් බටහිර රටවල චීන විරෝධී බලවේගයන්ගේ නින්දාවන්ට එරෙහිව චීන මානව හිමිකම් ව්‍යායාමයෙන් ලබා ඇති මනා ප්‍රගතීන් දැවැන්ත ප්‍රතිචාරයක් දක්වා ඇත. මානව හිමිකම් පිළිබඳ විග්‍රහය බටහිර රටවල් විසින් නියම කරනු නොලැබිය යුතු ය. මානව හිමිකම් ඉටු කිරීම, සුරැකීම හා වැඩිදියුණු කිරීම සඳහා තම රටේ සැබෑ තත්ත්වයන් අනුගමනය කළ යුතු බව අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන