Malvinas දූපත්වල ස්වෛරීභාවය පිළිබඳව ආර්ජන්ටිනාවේ නීත්‍යනුකූල ඉල්ලීමට චීනයේ ස්ථිර සහාය
2021-06-25 21:23:49
Share with:

ඊයේ (24) එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ යටත්විජිතකරණ විරෝධී විශේෂ කමිටුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ගෙං ෂුවාං මහතා දේශනයක් පැවැත්වීය. Malvinas දූපත්වල ස්වෛරීභාවය පිළිබඳව ආර්ජන්ටිනාවේ නීත්‍යනුකූල ඉල්ලීමට ස්ථිර ලෙස සහය දෙන බව ඔහු එහිදී කියා සිටියේ ය. ආර්ජන්ටිනාවේ ඉල්ලීමට සක්‍රිය ප්‍රතිචාර දක්වමින් කඩිනමින් සාකච්ඡා ආරම්භ කරන ලෙස බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක් කරන බව ගෙං ෂුවාං මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Malvinas දූපත් පිහිටා ඇත්තේ දකුණු අත්ලාන්තික් සාගරයේ ය. 1816 වසරේ ස්පාඤ්ඤයේ යටත්විජිත පාලනයෙන් නිදහස ලැබූ ආර්ජන්ටිනාව Malvinas දූපත්වල ‍ස්වෛරිභාවය උරුම කර ගත්ත ද 1833 වසරේ බ්‍රිතාන්‍යය සන්නද්ධ බලයෙන් එම දූපත් අයිති කර ගත්තේ ය. 1965 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය Malvinas දූපත් ප්‍රශ්නය සඳහා බ්‍රිතාන්‍යය හා ආර්ජන්ටිනාව යන දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටියේ සාකච්ඡා‍ මාර්ගයෙන් ප්‍රශ්නය විසඳා ගන්නා ලෙස ය. පසුගිය 80 දශකයේ බ්‍රිතාන්‍යය හා ආර්ජන්ටිනාව Malvinas දූපත්වල ‍ස්වෛරිභාවය සම්බන්ධයෙන් යුද්ධයක් ඇති කළේ ය. එම යුද්ධයෙන් පරාජයට පත් වූයේ ආර්ජන්ටිනාව ය.

Malvinas දූපත් ප්‍රශ්නය ඉතිහාසයෙන් ඉතුරු වූ යටත්විජිතවාදී ප්‍රශ්නයකි. Malvinas දූපත් ප්‍රශ්නය වෙනුවෙන් සාකච්ඡා පවත්වන ලෙස ආර්ජන්ටිනාව සහ එක්සත් ජාතීන්ගේ යටත්විජිතකරණ විරෝධි කමිටුව බොහෝ වර බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියත් බ්‍රිතාන්‍යය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

අතීතයේ පැවති යටත්විජිතකරණය මෙන් ම වර්තමානයේ බල දේශපාලනය සහ හිරිහැර කිරීම්  තවමත් ජගත් ප්‍රජාව තුළ දක්නට ලැබේ. Malvinas දූපත්වල ස්වෛරීභාවය පිළිබඳව ආර්ජන්ටිනාවේ නීත්‍යානුකූල ඉල්ලීමට ස්ථිර ලෙස සහය දීම, යටත්විජිතවාදයට එරෙහි වීමේ අත්‍යවශ්‍ය ක්‍රියාවකි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන