හොංකොං තරුණයන්‍‍‍ගේ දේශප්‍රේමය ‍වඩවන චීන අජටාකාශ ජයග්‍රහණ
2021-06-24 15:21:30
Share with:

හොංකොං තරුණයන්‍‍‍ගේ දේශප්‍රේමය ‍වඩවන චීන අජටාකාශ ජයග්‍රහණ_fororder_微信图片_20210624152041

චීනයේ වැදගත් ජාතික අජටාකාශ ව්‍යාපෘතීන්ට එක් වූ විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය දා චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සංචාරයක නිරත වුණා. චීනයේ Long March ප්‍රවාහක රොකට්ටු, මිනිසුන් රැගත් ෂෙන්චෝ අභ්‍යාවකාශ යානය, බෙයිඩෞ චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය, Chang'e චන්ද්‍ර ගවේෂණ යානය ඇතුළු චීනයේ වැදගත් අජටාකාශ ව්‍යාපෘති රැසක් එම කණ්ඩායමේ සාමාජිකයින් විසින් නිර්මාණය කර තිබෙනවා.හොංකොං විශේෂ පරිපාලන කලාපයේ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් එම විද්‍යාඥයන් හොංකොං වෙත පැමිණීම පිළිබඳව උණුසුම් ලෙස පිළිගත්තා. එහිදී විද්‍යාඥයන් සහභාගිවූ විවිධ ක්‍රියාකාරකම් මාලාව මගින් හොංකොං තරුණයන්ගේ දේශප්‍රේමය දිරිමත් කළ හැකි බවට හොංකොං විශේෂ පරිපාලන කලාපයේ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් විශ්වාස පළ කළා.

එම සංචාරයේ අතරතුර, හොංකොං විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ සාකච්ඡාවකදී චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ ආරම්භකයෙක්, Chang'e 5 චන්ද්‍ර ගවේෂණ යානය පිළිබඳ මෙහෙයුම් ප්‍රධානියා වන  Huhao මහතා චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ මූලික තොරතුරු විස්තර කළා. එම ව්‍යාපෘතිය ලබා ගත් ප්‍රධාන ජයග්‍රහණ හා ඉදිරිදැක්ම සම්බන්ධයෙන් ද Huhao මහතා එහිදී සාරාංශ කළා. එම සාකච්ඡාවට එක්වූ Guo Liming නැමති සිසුවිය මාධ්‍යවේදීන්ට සිය අදහස් පළ කළා. ඇය පැවසුවේ රටේ අජටාකාශ ගවේෂණ ව්‍යායාමය පදනම රහිත තත්ත්වක සිට අද දක්වා කැපී පෙනෙන ජයග්‍රහණ දිනා ගැනීම සඳහා චීන විද්‍යා පර්යේෂකයන් උපරිම වශයෙන් වෙහෙසී සේවය කරමින් විශාල දායකත්වය ලබා දුන් බවයි.

අජටාකාශ ක්ෂේත්‍රයේ ජයග්‍රහණය, රටේ සංවර්ධන ජයග්‍රහණයේ පිළිබිඹුවක්.හොංකොං විශේෂ පරිපාලන කලාපයේ වැසියන් ඇතුළු සියළු චීන ජනතාව ඉතා ආඩම්බරයි.හොංකොං තරුණයන් අජටාකාශ ක්ෂේත්‍රයේ වීරයන්ගෙන් ඉගෙන ගනිමින් මව් රටට සිය දායකත්ව ලබා දිය යුතු යැයි හොංකොංහි විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් අදහස් පළ කළා. 

 

 

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන