වසංගතයේ ආරම්භය සොයා ගැනීමේ පර්යේෂණයන්ට සහාය නොවන ඇමරිකාව
2021-06-23 19:06:06
Share with:

වසංගතයේ ආරම්භය සොයා ගැනීමේ පර්යේෂණයන්ට සහාය නොවන ඇමරිකාව_fororder_ac345982b2b7d0a2741e47b31b1fc40149369ac6

මෑතකදී ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමරිකානු ජනාධිපති උපදේශක Jake Sullivan සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ චීනය තවදුරටත් කොරොනා වෛරස ආරම්භය සොයා ගැනීමේ පරීක්ෂාව සිදු නොකළහොත් ජාත්‍යන්තර හුදෙකලා බවට මුහුණ දෙනු ඇති බවයි. ඇමරිකාවේ වසංගතයේ ආරම්භය, ඇමරිකාවේ වසංගතය පාලනය කිරීම අසමත් වීමේ හේතු හා වගකීම භාර ගන්නන්, Fort Detrick හා විදේශ රටවල පිහිටි ඇමරිකාවේ ජීව විද්‍යාත්මක අත්හදා බැලීමේ පදනම් 200කට වැඩි සංඛ්‍යාවක් පූර්ණ විමර්ශන කරන ලෙස චීනය දැඩිව ඉල්ලා සිටියේය. එය ජගත් ප්‍රජාවේ පොදු ඉල්ලීමක් ලෙස සැලකිය හැකි ය. වඩාත් වැඩි පර්යේෂණයන් සිදු කිරීමෙන් වෛරසය පැතිර යාමේ ආරම්භක කාලය අඛණ්ඩව පසු පසට යනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට සිය රටට පැමිණීමට චීනය දෙවතාවක් ආරාධනා කර ඇත. එහෙත් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට තවමත් විවෘත වී නොමැත. වර්තමානයේ වසංගතයට එරෙහිව ගෝලීය සහයෝගිතාව විනාශ කරමින් වගකීම ඉවත් කරන්නේ විනිවිද මෙන්ම විවෘත නොවන ආකල්පයේ රැඳී සිටින ඇමරිකාව ය.

චීනය ඉදිරිපත් කරන ඉල්ලීම් තුනට ඇමරිකාව පිළිතුරු දිය යුතු ය. එසේ නොවන්නේ නම් චීනය නොව ඇමරිකාව ජාත්‍යන්තර හුදෙකලාවට මුහුණ දෙනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන