ෂී ජින්පිං මහතා Shenzhou 12 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන් සමග දුරකථන සාකච්ඡාවක
2021-06-23 10:22:49
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා Shenzhou 12 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයෙන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය ගගනගාමීන් සමග දුරකථන සාකච්ඡාවක නිරත වෙයි.

ෂී ජින්පිං මහතා  අද(23) උදේ වරුවේ බෙයිජිං අභ්‍යවකාශ පියාසර පාලන මධ්‍යස්ථානයට පැමිණියේය. එහිදී හෙතෙම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවයේ නිරත නියේ හයිශෙන්, ලියු බෝමිං සහ ටාං හොංබෝ යන ගගනගාමීන් තිදෙනා සමග අහස-පෘථිවි සංවාදයක් සිදු කළේය.

අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීම චීන අභ්‍යවකාශ ව්‍යායාමයේ වැදගත් සංධිස්ථානයක් බවත් එමගින් මානවයා සාමකාමී ලෙස අභ්‍යවකාශය භාවිත කිරීම පිළිබඳ ගවේෂණාත්මක මෙහෙවරක් ඉටු වන බවත් ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. Shenzhou 12 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයෙන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය ගගනගාමීහූ නව යුගයේ චීන අභ්‍යවකාශ ව්‍යායාමයට අප්‍රමාණ ලෙස දායක වූවෝ නියෝජනය කරති. මනා ලෙස සම්බන්ධීකරණය පවත්වා ගනිමින් ඉතිරි මෙහෙයුම් සාර්ථක ලෙස අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියි.

ෂී ජින්පිං මහතා Shenzhou 12 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන් සමග දුරකථන සාකච්ඡාවක_fororder_QQ图片20210623111553

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන