න්‍යෂ්ටික අපජල පිරිසැකසුම් තාක්ෂණයන් නොමැති ජපානය, න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමට තීරණය කළේ කෙසේ ද ?
2021-06-22 18:23:47
Share with:

න්‍යෂ්ටික අපජල පිරිසැකසුම් තාක්ෂණයන් නොමැති ජපානය, න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා  හැරීමට තීරණය කළේ කෙසේ ද ?_fororder_福岛

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම පිළිබඳ සැලසුම ක්‍රියාත්මත කිරීමට ජපාන රජය තීරණය කිරීමෙන් පසු, සෑම විටම එම න්‍යෂ්ටික අපජලය බැහැර කිරීමේ ක්‍රමය ප්‍රචාරය කරමින් සිටී.

එහෙත් ජපාන මාධ්‍ය 20වැනිදා නිකුත් කළ වාර්තාවලින් එහි ගැටළු හෙළිවී ඇත.

ජපානයේ NHK වාර්තාවලට අනුව, න්‍යෂ්ටික අපජලයෙහි න්‍යෂටික අපද්‍රව්‍ය පෙරීම සඳහා, ෆුකුෂිමා න්‍යෂ්ටික අපජල පිරිසැකසුම් කිරීමේ වගකීම දරන ටෝකියෝ විදුලි සමාගම, දැනට ශක්‍යතා තාක්ෂණයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීම් කර තිබේ.

න්‍යෂ්ටික අපජල පිරිසැකසුම් කිරීමේ දී, ජපානයේ විශාල තාක්ෂණික අඩුපාඩු ඇති බව ඉන් හෙළිවේ.

ජපානයේ FKSminpo පුවත්පත 2013 වසරේ නොවැම්බර් මාසයේ වාර්තා කළේ, ජපාන රජයේ දූෂිත ජල පිරිපහදු කමිටුව එම කාලයේ න්‍යෂ්ටික අපජල පිරිසැකසුම් කිරීමේ දී , “ට්‍රයිටියම්” පෙරීම සිදු කරන්නේ කෙසේ ද යැයි සාකච්ඡා කර ඇති බවයි.

දූෂිත ජල පිරිපහදු කමිටුවේ විනිශ්චයට අනුව, එම රසායනිකය පෙරීම ඉතා  අසීරු වන අතර, එවැනි තාක්ෂණයක් තවමත් නොමැතිවීම හේතුවෙන්, “ට්‍රයිටියම්” පෙරීම පිළිබඳ මෙහෙයුම් තාවකාලික ව ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

එබැවින් ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලයෙහි “ට්‍රයිටියම්” පෙරීම පිළිබඳ ප්‍රශ්නය, මෙතෙක් විසඳා ගෙන නොමැත.

‍මේ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රශ්න කිරීමට හේතු තිබේ. ප්‍රධාන තාක්ෂණයන් නොමැති රටක්, න්‍යෂ්ටික අපජලය මුහුදට දැමීම ආරක්ෂිත ද යන්න එම පැනයයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන