චීනය කිසිඳු දිනක සිය විවෘතභාවය නතර ‍නොකරන බව තහවුරු කරන හයි නැන් නිදහස් වෙළෙඳ වරාය නීතිය
2021-06-21 20:55:12
Share with:

මෑතදී ක්‍රියාත්මක හයි නැන් නිදහස් වෙළෙඳ වරාය නීතිය පිළිබඳව අද (21) බෙයිජිං හි පැවති මාධ්‍ය හමුවකදී චීන නිලධාරීන් විසින් සවිස්තරාත්මක ව හඳුන්වා දීමක් සිදු කරන ලදි. 2020 වසරේ ජුනි මස පළමු දා හයි නැන් නිදහස් වෙළෙඳ වරාය සංවර්ධනය පිළිබඳ සැලැස්ම එළි දැක්විණ. ඒ සමග එම වරාය සංවර්ධනය පූර්ණ වශයෙන් ආරම්භ වී මේ වන විට කැපී පෙනෙන සංවර්ධන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. සංඛ්‍යා ලේඛනයන්ට අනුව 2020 වසරේ හයි නැන් පළාතේ භාණ්ඩ වෙළඳාමේ ආනයනය හා අපනයනය චීනයේ සාමාන්‍ය ආනයන හා අපනයන වර්ධනයට වඩා 1.2%කින් වැඩි විය. එම වසරේ හයි නැන් පළාත විදේශ ආයෝජනය භාවිත කළ ප්‍රමාණය ගෙවී ගිය වසර 3 තුළ ඉහළම මට්ටමට ළඟා විය.

හයි නැන් නිදහස් වෙළෙඳ වරාය නීතිය සම්පාදනය කිරීම, ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය වඩාත් ඉදිරියට ගෙන යාම සඳහා චීන රාජ්‍ය නායකයන් විසින් ම සැලැසුම් කරන ලද වැදගත් ප්‍රතිපත්තියකි. කොරොනා වසංගතය ගෝලීය වශයෙන් පැතිර ගොස් තිබුණ ද චීනය තමන් සැලැසුම් කළ ආකාරයට නොනවත්වා එම නීති සම්පාදනය අඛණ්ඩ ව ඉදිරියට ගෙන ගොස් ඇත. හයි නැන් නිදහස් වෙළඳ වරාය සංවර්ධනය වෙනුවෙන් නීතිමය සහතිකයක් අවශ්‍ය වේ. එබැවින් හයි නැන් නිදහස් වෙළඳ වරාය නීතිය චීන රජයේ අදාළ ප්‍රතිපත්ති නීතිමය වශයෙන් ක්‍රියාවට නංවාලීමේ වැදගත් පියවරක් වශයෙන් සැලකේ. වගන්ති 57කින් සමන්විත මෙම නීතිය ආ‍යෝජන හා වෙළඳ පහසුකරණය හා නිදහස්කරණය, ජෛව පරිසර සංරක්ෂණය , කර්මාන්ත සංවර්ධනය හා ප්‍රවීණයන් නගාසිටුවීම යනාදි කරුණු පිළිබඳව නීතිමය පහදා දීම් කර තිබේ. නීතියේ පාලනය ව්‍යාපාර කටයුතු සඳහා වන හොඳම සහතිකයකි. හයි නැන් නිදහස් වෙළඳ වරාය නීතිය ක්‍රියාත්මක වීම, ව්‍යවසායන් විශේෂයෙන් විදේශ ව්‍යවසායන් දිගුකාලීන ව හයි නැන් පළාතේ රැඳී සිටීමේ විශ්වාසය තහවුරු කරන අතර ඔවුන්ට විශාල ආ‍‍යෝජන අවස්ථා හා ලාභයන් ලබා දෙනු ඇත.

චීනය කිසිඳු දිනක සිය විවෘතභාවය නතර ‍නොකරන බව හයි නැන් නිදහස් වෙළෙඳ වරාය නීතිය මගින් තවත් තහවුරු කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන