2021 වසරේ ලෝක ආර්ථික වර්ධනයෙන් හතරෙන් එකකට චීනයේ දායකත්වය
2021-06-17 15:44:08
Share with:

ඉල්ලුම හෝ වේවා සැපයුම හෝ වේවා දෙස බලන විට චීන ආර්ථිකය අඛන්ඩ ව ප්‍රකෘතියට පත් වන බව මෑතකදී Bloomberg පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ ආර්ථික විද්‍යාඥයන් අදහස් දක්වා තිබේ. ඊයේ (16) චීන රජය නිකුත් කළ මැයි මස ජාතික ආර්ථික සංඛ්‍යා ලේඛන මෙම අදහස් තහවුරු කර ඇත.

මැයි මාසයේ චීනයේ කාර්මික නිෂ්පාදනය, සේවා කර්මාන්තයේ වර්ධනය, දේශීය වෙළඳ පොලේ අලෙවිය, ස්ථාවර වත්කම් ආයෝජනය, ආනයනය හා අපනයනය ස්ථාවර ලෙස ඉහළ ගොස් තිබෙන බව එම සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ. සැපයුම අතින් බලන විට චීන ආර්ථිකයේ බොහෝ ධනාත්මක සාධක සමුච්චය වෙමින් පවතී. අධි තාක්‍ෂණික නිෂ්පාදන කර්මාන්තයේ සීග්‍ර වර්ධනය නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රකෘතිය සඳහා වඩාත් සුබවාදී අපේක්ෂාවන් ගෙනැවිත් තිබේ. නිෂ්පාදන කර්මාන්තයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් වර්ධනය චීන ආර්ථිකයේ ප්‍රකෘතියට පිටුබලයක් සපයා දෙනු ඇත. ඉල්ලුම අතින් බලන විට චීනයේ පාරිභෝගික වෙළඳපොල පුනරුත්ථාපනය වෙමින් පවතී. මැයි මාසයේ චීනයේ පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර වටිනාකම පසුගිය වසරේ සමාන කාලයට වඩා 12.4%කින් වැඩි විය. පාරිභෝගික වෙළඳපොල ප්‍රකෘතිමත් වීම චීන ආර්ථිකයට විශාල රුකුලක් වී තිබේ.

පසුගිය සතියේ ලෝක බැංකුව මේ වසරේ චීන ආර්ථික වර්ධන අපේක්ෂාව කලින් තිබූ 7.9% සිට 8.5% දක්වා ඉහළ නංවා ඇත. චීනයේ ආර්ථික ප්‍රකෘතිය මහජන ආයෝජන ක්ෂේත්‍රයේ සිට පාරිභෝගික ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත වීම ඊට හේතු වී තිබේ. 2021 වසරේ චීන ආර්ථිකය ලෝක ආර්ථික වර්ධනයෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයකට දායක වනු ඇතැයි ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාව ඇස්තමේන්තු කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන