ලෝක සාමය හා ස්ථාවරත්වය ශක්තිමත් ලෙස සහතික කරන ශැන්හයි සහයෝගිතා සංවිධානය
2021-06-16 11:00:22
Share with:

ලෝක සාමය හා ස්ථාවරත්වය ශක්තිමත් ලෙස සහතික කරන ශැන්හයි සහයෝගිතා සංවිධානය_fororder_af26d109d382b41d62fb46c9479dc1af

ජුනි 15 වනදා ශැන්හයි සහයෝගිතා සංවිධානය පිහිටුවීමේ 20 වැනි සංවත්සරයයි. කසක්ස්ථානය, චීනය, කිර්ගිස්ථානය, රුසියාව, ටජික්ස්ථානය, උස්බෙකිස්ථානය යන සාමාජික රටවල් හයෙන් සමන්විත සංවිධානයක සිට දැනට සාමාජික රටවල් අටක්, නිරීක්ෂණ රටවල් හතරක්, සංවාද හවුල්කාරී රටවල් හයක් සහිත ශැන්හයි සහයෝගිතා සංවිධානය, කලාපීය සාමය හා සංවර්ධනය, බහුපාර්ශ්වවාදය ආරක්ෂාව හා ජගත් සබඳතාවේ ප්‍රජාතන්ත්‍රිකකරණය සඳහා මනා ආදර්ශවත් සංවිධානයක් බවට සංවර්ධනය වී තිබේ.

වෙනස් ජාතික තත්ත්වයන් හා දේශපාලන ක්‍රම ඇති රටවල් අතර ස්ථාපිත සහයෝගිතා ක්‍රමවේදයක් වශයෙන් ගෙවී ගිය වසර 20ක් තුළ ශැන්හයි සහයෝගිතා සංවිධානය අඛණ්ඩව ජයග්‍රහණ දිනා ගෙන ඇත්තේ ‘ශැන්හයි ජීවගුණය’ නිසාය. එනම් අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, සමානාත්මතාවය, සාකච්ඡාව, විවිධ ශිෂ්ටාචාරයන්ට ගරු කිරීම හා පොදු සංවර්ධනය යන්නයි. මේ අතර බහුපාර්ශ්වවාදයට ස්ථිර අනුබලයක් දක්වන එම සංවිධානය අන්‍යෝන්‍ය ගරුත්වය, සාධාරණය, යුක්තිය, සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණ දිනා ගැනීම පිළිබඳ නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා ආදර්ශයක් නිර්මාණය කර තිබේ.

ශැන්හයි සහයෝගිතා සංවිධානය යුදමය සන්ධානයක් බවට සංවර්ධනය නොවනු ඇත. එය සීතල යුද්ධයේ නිමැවුමක් වන නෙටෝ සංවිධානය හා මූලික වශයෙන්ම වෙනස් ය. නොබැඳී ලෙස පැවතීම, සතුරු නොවීම, කිසිදු තුන්වන පාර්ශ්වයකට එරෙහි නොවීම යන මූලධර්මයෙහි එල්බ සිටින ශැන්හයි සහයෝගිතා සංවිධානය, ජාත්‍යන්තර පටිපාටිය වඩාත් හේතු සහගත හා සාධාරණ දිශාවක් කරා වර්ධනය කරලීම පොළඹවමින් සිටී. එමගින් මුලපුරන අන්තර් ශිෂ්ටාචාර සංවාදවලින්, බටහිර ලෝකය විසින් ප්‍රචාරය කරන ලද ඊනියා ‘ශිෂ්ටාචාර ඝට්ටනය’ මර්දනය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයුම් කාර්යභාරයට ස්ථිර අනුබල දක්වමින් බහුපාර්ශ්වවාදය ආරක්ෂා කිරීමෙහි නියැළී සිටින ශැන්හයි සහයෝගිතා සංවිධානය, ලෝක සාමය හා ස්ථාවරත්වය ශක්තිමත් ලෙස සහතික කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන