ඇමරිකා එන්නත් මිරිඟුව පසුපස යන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයන්
2021-06-12 20:23:58
Share with:

ඇමරිකා එන්නත් මිරිඟුව පසුපස යන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයන්_fororder_6ab586ab5d5fa1399a829b6c265967e4

ඇමරිකාවේ සෙනෙට් මන්ත්‍රීවරුන් ‍තුන්දෙනෙකු යුද ප්‍රවාහක ගුවන් යානාවකින් චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කරමින් එම ප්‍රදේශයට එන්නත් ලබා දෙනු ඇතැයි ප්‍රකාශ කර ඇත. අනතුරුව ඇමරිකානු සෙනෙට් මන්ත්‍රීවරුන් වන Edward Markey හා Mitt Romney නිවේදනයක් පළ කරමින් ‘ඇමරිකා තායිවාන සම්බන්ධතාව’ ශක්තිමත් කිරීමට මෑතකදී සෙනෙට් මණ්ඩලය විමසුම් හමුවක් පවත්වනු ඇති බව කියා සිටියහ.

ඇත්ත වශයෙන්ම එන්නත් සැපයීම සඳහා තායිවාන ප්‍රදේශයට පොරොන්දුව ලබා දීම, තායිවාන ප්‍රදේශය සිය පාලනයට නතු කර ගැනීමට ඇමරිකාව දරා ඇති තවත් උත්සාහයක් ලෙස සැලකිය හැකිය. වසංගත පාලනයෙන් අසාර්ථක වූ ඊ‍නියා ‘තායිවාන පාලකයින්’ තමාට අවනත කර ගෙන චීනය මර්දනය කිරීම පිළිබඳ සිය කුමන්ත්‍රණය ඉදිරියට මෙහෙයවීමේ ඇමරිකාවේ අරමුණ පැහැදිලිය. ඇමරිකානුවන් පොරොන්දු දී ඇත්තේ එන්නත් හත්ලක්ෂ පනස් දහසක් තායිවාන ප්‍රදේශයට ලබා දීමටය. එය  මේ දක්වා වාචික කළ දෙයක් පමණි. අවසානයේ එය සැබෑ වුවද, කෝටි 2.3ක ජනගහනයක් සිටින තායිවාන ප්‍රදේශයට එහි ඵලදායිතාව ඉතා අල්පය.

ඇත්ත වශයෙන්ම, දිගු කාලයක් පුරා ඇමරිකාව තායිවාන ප්‍රදේශය සලකන්නේ හොඳ අවි ආයුධ සේවාදායකයෙකු ලෙස පමණි. තායිවාන ප්‍රදේශයට වාසි වන ලෙස, ඇමරිකාව කවදා හෝ කටයුතු කර නැත.

තායිවාන දූපතේ වසංගත තත්ත්වය උග්‍ර වෙමින් පවතිද්දී ඇමරිකාව එම ප්‍රදේශය හා චීන මහ ගොඩබිම අතර සම්බන්ධතාව පළුඳු කිරීමටත් එන්නත් දේශපාලනීකරණය කිරීමටත් තැත් කළේය. ඉන් හානි වූයේ තායිවාන වැසියන්ගේ ප්‍රතිලාභයන්ට ය.

තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය, චීන මහ ගොඩබිමෙන් එන්නත් ලබා දීම පිළිබඳ කරුණා කැමැත්ත ප්‍රතික්ෂේප කර ඇති අතරම සිය ඇමරිකානු ස්වාමියා ලබා දුන් හිස් පොරොන්දුව ගැන ඉමහත් කෘතඥතාවෙන් සිටියි. තායිවාන වැසියන්ගේ ජීවිත බේරා ගැනීමේ හොඳම අවස්ථා වරින් වර අත්හළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ පාලකයින්, චීන ජාතියේ ප්‍රතිලාභ විකිණීමේ හා ජනතාවගේ ජීවිතය නොසැලකීමේ අපරාධකරුවන් බවට පත් වී ඇත. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන