වහල් ශ්‍රමිකත්වයෙන් මිදී නොමැති ඇමරිකාවේ ශ්‍රම භාවිතය
2021-06-11 20:01:28
Share with:

වහල් ශ්‍රමිකත්වයෙන් මිදී නොමැති ඇමරිකාවේ ශ්‍රම භාවිතය_fororder_src=http___n.sinaimg.cn_sinacn_w640h447_20180131_2dad-fyrcsrw0453671&refer=http___n.sinaimg

‘ලෝක ළමා ශ්‍රමික විරෝධී දිනය’ හෙට(12)ට යෙදේ. ලොව පුරා ළමා ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව සැලකීමේ දී වසර 2021කේදී ගෙවී ගිය වසර 20ක් තුළ පළමු වරට ඉහල යාමක් පෙන්නුම් කළ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. ඊට සමගාමීව ජිනීවාහිදී පැවැත්වෙන 109 වන ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ වීඩියෝ සමුළුවේදී ඇමරිකාවේ බලහත්කාර ශ්‍රමය හා ළමා ශ්‍රමිකයින් භාවිත කිරීමේ ප්‍රශ්න පුළුල් විවේචනයට ලක්ව ඇත.

සංඛ්‍යාලේඛනයට අනුව දැනට ඇමරිකාවේ ළමා ශ්‍රමිකයෝ ලක්ෂ පහක් පමණ සිටිති. එරට දුම්කොළ කර්මාන්තයේ සේවක සේවිකාවන් අතරින් දරුවන් විශාල සංඛ්‍යාවක් ගෙන ඇත. වසර 2003ත් 2016ත් කාලය තුළදී ඇමරිකාවේ දරුවන් 452 දෙනෙකු ශ්‍රම ‍සේවයේ නිරත වීමෙන් තුවාල වී මිය ගිය බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත. එම සංඛ්‍යාව මානව හිමිකම් ආරක්ෂකයා ලෙස ස්වයංව නම් කර ගෙන සිටින ඇමරිකානු දේශපාලනඥයෝ කවර අවස්ථාවක වුවද සඳහන් නොකර සිටිති.

ළමා හිංසනය ඇමරිකාවේ පද්ධතිමය මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ කොටසක් පමණි. වාර්ෂිකව වෙනත් රටවලින් ඇමරිකාවට බලහත්කාරයෙන් අලෙවි කරනු ලැබූ ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂයක් වීම ද විස්මයජනක ය. ගෙවී ගිය වසර පහක් තුළ ඇමරිකාවේ සමස්ත ජනපද පනහෙන්ම බලහත්කාර ශ්‍රමය හෝ මිනිස් ජාවාරම පිළිබඳ සිද්ධි වාර්තා වී තිබිණ.

18 වන සියවසේ මුල් කාලයේදී කළු ජාතිකයින් විශාල සංඛ්‍යාවක් උතුරු ඇමරිකානු මහද්වීපයට අලෙවි කර වගා වතුවල ශ්‍රමික වැඩවලට යොදවනු ලැබීය. ඒ වහල් ක්‍රමයේ ප්‍රතිඵලයකි. අද දවසේ ළමා ශ්‍රමිකයින් භාවිත කිරීම, විදේශීය සේවක සේවිකාවන් සූරා කෑම, මිනිස් ජාවාරම යන ඇමරිකාවේ සිදුවීම්, එම ඓතිහාසික දුෂ්ටත්වයේ වත්මන් සෙවණැල්ල වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන