පවුලක ආදරය හා දේශප්‍රේමය එක්ව තිබිය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කර තිබෙනවා. පවුල හා රට ගැන ෂී ජින්පිං මහතා බොහෝ අවස්ථාවල සිය අදහස් දැක්වූවා.
වසර 2015 වසන්ත උත්සව කාලයේ පැවති භෝජන සංග්‍රහ අවස්ථාවකදී ෂී ජින්පිං මහතා, පවුල, පවුලේ අධ්‍යාපනය ගැන මෙසේ කියා සිටියා.
‘පවුල සමාජයේ මූලික සෛලය මෙන්ම කෙනෙකුගේ ජීවිතයේ පළමු විද්‍යාලයයි. යුගයක කෙතරම් විශාල ප්‍රතිසංස්කරණයක් සිද්ධ වුණත් කෙනෙකුගේ ජීවිතය ගැන කෙතරම් ලොකු වෙනස්කමක් සිද්ධ වුණත් අපි පවුලේ සංවර්ධනය වැදගත් කොට සලකන්න ඕන. කෝටි සංඛ්‍යාත පවුල්වල සුසංගතබවෙන් ජාතික සංවර්ධනය, සමාජ සාමය ඉටු විය හැකියි.’
පවුල, කෙනෙකුගේ ජීවිතයේ පළමු විද්‍යාලය නම්, දෙමාපියන් කෙනෙකුගේ පළමු ගුරුවරුන් වෙනවා. ෂී ජින්පිං ජනාධිපතිවරයා වරක් සිය මව ගැන සිහිපත් කළා. පැරණි කාලයේ ප්‍රසිද්ධ දේශප්‍රේමි වීරයෙක් වන යුයිෆෙයිගේ දේශප්‍රේමි කතාව මව කුඩා කාලයේ දී ඔහුට කියා දුන්නා. උපරිම අවංකකමෙන් රටට දායක වීමේ ජීවගුණයක් කුඩා කාලයේදීම සිය සිත තුළ රඳා පැවතුණේ මවගේ බලපෑම නිසා යැයි ඔහු කීවා. එය ඔහුගේ මුළු ජීවිතයේ ඉලක්කයක් බවටත් පත් වී තිබෙනවා.
පවුල කුඩාම රටයි. රට, කෝටි සංඛ්‍යාත පවුල්වලින් සෑදී තිබෙන්නක්. ලෝකයේ මූලික ඒකකය රටවල් වන අතර රටක මූලික ඒකකය පවුලයි. විදේශීය ආක්‍රමණිකයින් සමග සටන් කිරීමේ යුගවල වුව ද සමාජවාදී සංවර්ධන යුගයේ වුවද, රටටත් රටේ අනාගතයටත් ප්‍රමුඛත්වයෙන් සැලකිය යුතු බව ෂී ජින්පිං මහතාගේ සිතුවිලි වලින් කියැවෙනවා.