‘ විදේශීය සම්බාධක විරෝධී නීතිය ’ මගින් චීනය දාමරිකවාදයට දක්වන ‍විරෝධය යළි සනාථ වෙයි
2021-06-11 11:13:41
Share with:

‘ විදේශීය සම්බාධක විරෝධී නීතිය ’ මගින් චීනය දාමරිකවාදයට දක්වන ‍විරෝධය යළි සනාථ වෙයි_fororder_rBABCWDCZFeAL7e7AAAAAAAAAAA240.1895x1066.1000x563

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව ඊයේ(10) ‘විදේශීය සම්බාධක විරෝධී නීතිය ’ ඡන්ද විමසීමෙන් සම්මත කළේ ය.

පසුගිය කාල තුළ, ඇතැම් බටහිර රටවල්, චීනයට දැඩි පීඩනය එල්ල කිරීමේ අරමුණෙන් , ෂින්ච්‍යාං උයිගුර් ස්වායත්තය, හොංකොං විශේෂ පරිපාලන කලාපය හා සම්බන්ධ ගැටළු යනාදිය ප්‍රයෝජනයට ගනිමින්, චීනයේ අදාළ ජාතික ආයතන හා සේවකයින්ට එරෙහිව ඊනියා සම්බාධක පැනවීම් සිදු කර ඇත.

මෙවැනි ඒක පාර්ශ්වික සම්බාධක පැනවීම්වලට ප්‍රතිචාර දක්වමින්, චීනය කාලෝචිතව නීතිමය පියවරක් ගෙන තිබේ. ‘ විදේශීය සම්බාධක විරෝධී නීතිය ’ චීනය විසින් සම්පාදනය කරනු ලැබීම ජාත්‍යන්තර නීතිය අනුගමනය කිරීමකි. මෙම නීතිමය පියවර ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් අඛණ්ඩව සිදු කරන දාමරික ක්‍රියාවන් හා සැසඳීමේදී කිසිසේත් ම සමාන කළ නොහැක. ඒකපාර්ශ්වවාදයට හා දාමරිකතාවට චීනය තරයේ ම විරුද්ධ බව මෙම නීතිය පළ කිරීම මගින්, චීනය යළි ලෝකයට සනාථ කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික කර ගත් ජාත්‍යන්තර පද්ධතිය හා ජාත්‍යන්තර නීතිය මත පදනම් වී ඇති ජාත්‍යන්තර පටිපාටිය චීනය ස්ථිර ලෙස ආරක්ෂා කිරීම ද එමගින් පිළිබිඹු කෙරේ. මෙවැනි චින්තනය චීනය අනිවාර්යයෙන් ම අනුගමනය කරන බව ද අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන