අන්‍යෝන්‍ය ලෙස ශිෂ්ටාචාර අවබෝධය හුවමාරු කිරීම හා අත්දැකීම් අධ්‍යයනය පිළිබඳ චීන ජනපතිගේ සංකල්පය
2021-06-11 16:17:27
Share with:

අන්‍යෝන්‍ය ලෙස ශිෂ්ටාචාර අවබෝධය හුවමාරු කිරීම හා අත්දැකීම් අධ්‍යයනය පිළිබඳ චීන ජනපතිගේ සංකල්පය_fororder_src=http___news.xinhuanet.com_world_2015-10_28_128367722_14460092568681n&refer=http___news.xinhuanet

ශිෂ්ටාචාර අවබෝධය හුවමාරු කිරීම කෙරෙහි චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකාල්පය බිහි කෙරුණේ චීන සාම්ප්‍රදායික සංස්කෘතියේ පදනමෙන්.එමෙන්ම එය අනාගත සංවර්ධනය ද සැලකීමට ලක් කෙරෙනවා.චීන සාම්ප්‍රදායික මකර බෝට්ටු උත්සවය සමරමින්, අපි ජනාධිපති ෂී ජින් පිං මහතා දරන ශිෂ්ටාචාර අන්‍යෝන්‍ය අවබෝධය හුවමාරු කිරීම හා අත්දැකීම් අධ්‍යයනය පිළිබඳ සංකල්පය සමාලෝචනය කරමු.

පසුගිය 2013 වසරේ සැප්තැම්බර් මස උස්බෙකිස්ථානයේ සිදු කළ සංචාරයේ දී ෂී ජින් පිං මහතා එවක උස්බෙකිස්ථාන ජනාධිපතිවරයා සමඟ මැද ආසියානු ඉපැරිණි Samarkand නගරයට පැමිණියා.වසර 2500ක ඉතිහාසයක් සහිත එම නගරයේ පැරණි සේද මාවතේ ජාතික සංස්කෘතික හුවමාරු කිරීමේ ඓතිහාසික කරුණු පදනම්ව ජනාධිපතිවරු දෙදෙනා චීනය හා මැද ආසියාව අතර මානව හුවමාරු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එම සංචාරය පැවැත්වීමෙන් මස හයකට පසු එක්සත් ජාතීන්ගේ UNESCO සංවිධාන මූලස්ථානයේදී ෂී ජින් පිං මහතා දේශනයක් සිදු කළා.එහි ශිෂ්ටාචාර අව‍බෝධය අන්‍යෝන්‍ය ලෙස හුවමාරු කිරීම හා අත්දැකීම් අධ්‍යයනය පිළිබඳව කතා කිරීමේදී හෙතෙම උස්බෙකිස්ථානයේ සංචාරය ගැන සිහිපත් කළා.

“ මම ලෝකයේ විවිධ ස්ථානවලට ගොස් තිබෙනවා. මහාද්වීප පහේ විවිධ ශිෂ්ටාචාර ගැන අවබෝධ ලබා ගැනීමට, ශිෂ්ටාචාරයන් හී වෙනස්කම් හා  විශිෂ්ටභාවය අවබෝධ ලබා ගැනීමට,මෙන්ම එවැනි ශිෂ්ටාචාර තුළ ජීවත්වන ජනතාවගේ ලෝකය පිළිබඳ දෘෂ්ටිය, වටිනාකම පිළිබඳ දෘෂ්ටිය, ජීවිතය පිළිබඳ දෘෂ්ටිය පිළිබඳව අවබෝධ කර ගැනීම මා කැමතිම දෙයක්.පැරණි Maya ශිෂ්ටාචාරය නියෝජනය කරන නගරයක් වන Chichen Itza නගරය,ගැඹුරු ඉස්ලාමීය ශිෂ්ටාචාරය සහිත Samarkand නගරය මම නැරඹුවා.විවිධ ශිෂ්ටාචාර වල සැබෑ ජීවගුණ දැන ගන්නවා නං සාධාරණ,විනීත ආකල්පය දැරිය යුතු යි. ”

මෑත වසර කිහිපය තුළ ශිෂ්ටාචාර විවිධත්වයේ වැදගත් බව ෂී ජින් පිං මහතා දෙස් විදේස විවිධ අවස්ථාවලදී අවධාරණය කළා. ඒ ඒ රටවල මානව හුවමාරු ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරය, චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළා. “ශිෂ්ටාචාර එකිනෙකට විරුද්ධව පැවතීම ”යන කතා වෙත එය දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමක්.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන