ඇමරිකාව චීනය දෙස වපරැසින් බැලීම නතර කළ යුතුයි
2021-06-09 20:14:46
Share with:

ඇමරිකාව චීනය දෙස වපරැසින් බැලීම නතර කළ යුතුයි_fororder_222

ඇමරිකා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් ඊයේ(8) ‘ඇමරිකාවේ නිර්මාණශීලිත්වය හා තරගකාරීත්වය පිළිබඳ පනත’ සම්මත කරන ලදි. චීනය මර්දනය කිරීමේ කරුණු රැසක් සහිත එම පනත, චීනය සිය සතුරා ලෙස පරිකල්පනාවට ‍ගනිමින් චීනයට එරෙහි සම්පූර්ණ උපායමාර්ගික තරගයක් දියත් කිරීමට හා චීනය සමග සබඳතා කඩා බිඳ දැමීමට උසිගන්වා ඇත. ඉන් කියැවෙන සීතල යුද වර්ණය විස්මයජනක සේ මෙම යුගයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වීමකි.

කෙසේ වුවද ඇමරිකාවේ එම පනත එරටේ කේන්ද්‍රීය ගැටළු විසඳීමෙන් ඈත්වීමක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඊ‍ට පටහැනිව, ඇමරිකාව මුහුණ පා ඇති අර්බුදයන්ට ඉන් ඵලක් නොමැත.  එම පනත ඊනියා ‘චීනයෙන් තර්ජනය’ උද්දීපනය කිරීමට ප්‍රයත්න දැරීම තුළින් ඇමරිකාවේ ඇතැම් දේශපාලනඥයින්ගේ පාලන පරාජය හා සිය වගකීමෙන් බැහැර කිරීම පමණක් අනාවරණය වී තිබේ.

ඇමරිකාවේ සතුරා කෙදිනක  හෝ එම දේශපාලනඥයින්ගේ සිත තුළ සැඟව සිටින ‘යක්ෂින්’ මිස, චීනය නෙවෙයි. ඇමරිකාව එම පනත ඉදිරියට මෙහෙයවීම වහාම නතර කර සිය දේශීය ගැටළු විසඳීමට අවධානය යොමු කළ යුතුය. කිසිවෙකුටවත් චීන ජනතාව වඩාත් සුන්දර ජීවිතයක් නිර්මාණය කිරීමට තබන ස්ථිර අඩිය නතර කිරීමට නොහැක.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන