චීන ජනාධිපතිවරයා Qing Hai පළාතේ Gang Cha කෝරළයේ නිරීක්ෂණ චාරිකාවක
2021-06-09 10:26:53
Share with:

චීන ජනාධිපතිවරයා Qing Hai පළාතේ Gang Cha කෝරළයේ නිරීක්ෂණ චාරිකාවක_fororder_QQ图片20210609102328

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Qing Hai පළාතේ Hai Bei ටිබෙට් ස්වයං පාලන ප්‍රදේශයේ Gang Cha කෝරළයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

ඊයේ(08) සවස ෂී ජින් පිං මහතා එහි Qing Hai විල ආශ්‍රිත ප්‍රදේශයේදී Qi Lian කන්ද හා Qing Hai විල පිළිබඳ ජෛව පරිසර සංරක්ෂණය සම්බන්ධ තොරතුරු වලට සවන් දුන්නේ ය. Qing Hai විල සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරිසර විස්තීරණ පාලන හා ජෛව විවිධත්ව සංරක්ෂණ ප්‍රගතීන් ද හෙතෙම නිරීක්ෂණය කළේ ය.

ඉන් පසු, ෂී ජින් පිං මහතා Sha Liu He උප නගරෙය් Guo Luo Zang Gong Ma ගම්මානයට ගොස් ටිබෙට් ජාතික ජනතාවගේ දුක සැප විමසා බැලීය. හෙතෙම ඔවුන්ට පැවසුවේ, එක පවුලේ සාමාජිකයන් වන අප සහෝදර සහෝදරියන් බවයි. නව චීනය ස්ථාපිත වීමේ 100වැනි සංවත්සරය එළඹෙන විට, චීන ජාතියට අනිවාර්යයෙන් ම වඩාත් ශක්තිමත් ව ලෝකයේ පෙරමුණ ගත හැකි බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

2400කට අධික ජනගහනයක් සහිත Guo Luo Zang Gong Ma ගම්මානය, ටිබෙට් ජාතික එ‍‍ඬේර ගම්මානයකි. 2017 වසරේ දී එම ගම්මානය සමස්ත වශයෙන් දරිද්‍රතාවය පිටු දැකීමට සමත් වී ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන