කොරොනා එන්නත් කෝටි අටක් විදේශ රටවලට ප්‍රවාහනය කිරීමට ඇමරිකානු රජය දුන් ප්‍රතිඥාව සැබෑවක් ද?
2021-06-08 20:18:48
Share with:

කොරොනා එන්නත් කෝටි අටක් විදේශ රටවලට ප්‍රවාහනය කිරීමට ඇමරිකානු රජය දුන් ප්‍රතිඥාව සැබෑවක් ද?_fororder_cec119188a3719b0f3c5698480d2b2ae

වර්තමානයේදී ඉහල ආදායම් ලබන රටවල ජනතාව ලෝකයේ සියයට 44ක කොරොනා එන්නත් ලබා ගෙන ඇති අතර අඩු ආදායම් ලබන රටවල ජනතාව සියයට 0.4ක් පමණක් ලබා ගෙන ඇති  බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ(7) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙළි කළේය. ඇතැම් රටවල් එන්නත් බෙදා දීමට පොරොන්දු වී තිබෙන බවත් එම රටවල් මෙම මාසයේ හා ලබන මාසයේ සිය පොරොන්දුව ඉටු කරනු ඇතැයි තම සංවිධානය අපේක්ෂා කරන බව ද ඔහු කීවේය.

ජුනි මාස අග භාගයට පෙර කොරොනා එන්නත් කෝටි අටක් විදේශ රටවලට ප්‍රවාහනය කිරීමට ඇමරිකානු රජය පසුගියදා පොරොන්දු විය. එහෙත් අද වන විට එරට සිය පොරොන්දුව ක්‍රියාවට නංවන බවට කිසිදු ලකුණක් පෙන්නුම් කර නොමැත. එය යළිත් කුහකකමෙන් සපිරි රංගනයක් විය හැකැයි ද යන්න ලෝ වැසියන්ගේ සැකයට ලක් වී තිබේ. ඇමරිකාවේ පැවති රජය චීනය ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇ.ඩො. කෝටි 10ක වසංගත පාලන ආධාරයක් ලබා දෙනු ඇතැයි  ප්‍රතිඥා දුන්නද ‍මේ දක්වා කිසිදු ක්‍රියාවක් දක්නට නොමැත.

ගෙවී ගිය කාලය තුළ එන්නත් නිෂ්පාදනය හා බෙදා දීම සම්බන්ධයෙන් ඇතැම් බටහිර රටවල් පැවසූ දේ ක්‍රියාවට නංවා නොමැත. එය එන්නත් ජාතිවාදී හැසිරීමකි. ජගත් ප්‍රජාවේ වසංගත පාලන ප්‍රයත්නයන් ඉන් බරපතල ලෙස බාධාවන්ට ලක් ව ඇත. ලෝක වාසීන් තුළ මේ පිළිබඳ ඇත්තේ දැඩි කණස්සල්ලකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන