චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ෂීනිං නගරයේ සමාජ ප්‍රජාවක නිරීක්ෂණ චාරිකාවක
2021-06-08 16:03:24
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඡිංහයි පළාතේ ෂීනිං අගනගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වේ. ඊයේ(7) පස්වරුවේ ෂී ජින්පිං මහතා වෙන්ටිංෂියන් සමාජ ප්‍රජාවට පැමිණ, එහි බිම් මට්ටමේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධනය හා පාලනය යහපත් කිරීම සහ ජාතීන් අතර සමගිය පෙළඹවීමේ තත්ත්වය නිරීක්ෂණය කළේ ය.

රටේ විවිධ ප්‍රදේශවල නිරීක්ෂණ සංචාර සිදු කිරීමේ දී සැම විටම ගම්බද ප්‍රදේශ හා නාගරික සමාජ ප්‍රජාවන්ට පැමිණ ජන ජීවිතය දැක ගැනීමට තමා කැමති බව වෙන්ටිංෂියන් සමාජ ප්‍රජාව නිරීක්ෂණය කළ අවස්ථාවේ දී ෂී ජින්පිං මහතා කීය. සමාජ ප්‍රජාවක් යහපත් ලෙස පාලනය කිරීම සඳහා, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙයවන ශක්තිමත් බිම් මට්ටමේ සංවිධානයක් අනිර්වාර්ය ය. එම සංවිධානය සමාජ ප්‍රජාවට අදාල එක් එක් සේවාංග මනා ලෙස සිදු කරමින් ජනතාවගේ ස්වයංපාලන මෙහෙයුම් හොඳින් සංවිධාන කළ යුතු බව ඔහු එහිදී පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20230531බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන