මෙම වසරේ මුල් මාස පහ තුළ චීනයේ සමස්ත ආනයන හා අපනයනවල වර්ධනයක්
2021-06-07 20:15:52
Share with:

මෙම වසරේ මුල් මාස පහ තුළ චීනයේ සමස්ත ආනයන හා අපනයනවල වර්ධනයක්

මෙම වසරේ මුල් මාස පහ තුළ චීනයේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 28.2කින් වැඩි වී ඇති බව චීන පොදු රේගු දෙපාර්තමේන්තුව පළ කළ නවතම සංඛ්‍යාලේඛනවලින් දැක්වේ. අපනයනය සියයට 30.1කින් හා ආනයනය සියයට 25.9කින් බැගින් වර්ධනය වූ අතර මැයි මාසය වන විට මාස 12ක් අඛණ්ඩ වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කළ බව ද එහි සඳහන් වේ.

චීන විදේශ වෙළඳාමේ ශක්තිමත් පුනර්ජීවනය ගෝලීය ආර්ථික පුනරුත්ථාපනයට අනුබලය මෙන් විශ්වාසය ද ගෙන දී තිබේ. රට තුළ විදේශ වෙළඳාමෙහි නිරත වන ව්‍යාපාර සඳහා චීන රජය එළිදැක්වූ ප්‍රතිපත්ති, එම ව්‍යාපාර වසංගතයට මුහුණ දීම සඳහා ශක්තිමත් රුකුලක් වී තිබේ. මේ අතර චීන විදේශ වෙළඳාම අඛණ්ඩව යහපත් වීම, විවිධ රටවල් එන්නත්කරණය පුළුල් කිරීම හා ජාත්‍යන්තර ඉල්ලුම් වර්ධනය වීම හා සම්බන්ධයක්  දැකිය හැකිය.

මෑතකදී ඇමරිකා‍නු හා යුරෝපීය රටවල කාර්මික කර්මාන්ත දර්ශක අඛණ්ඩ ව ඉහල ගොස් ඇත. මෙය චීනයේ අපනයනය වර්ධනයට සාධකයකි. මෙම වසරේ මුල් මාස පහ තුළ චීනය අපනයනය කළ යන්ත්‍රෝපකරණ වටිනාකම සියයට 31.9කින් වැඩි වූ අතර එය සමස්ත අපනයන වටිනාකමෙන් සියයට 60ක් පමණ ගෙන ඇත.

ගෝලීය වසංගත පාලන මෙහෙයුම් තුළදී චීනයට විශාල පරිමාණයේ වෛද්‍ය උපකරණ හා වසංගත පාලන භාණ්ඩ සැපයිය හැකි ය. විවිධ රටවල ආර්ථික පුනරුත්ථාපනය සඳහා චීනයට ඉහළ අතිරේක වටිනාකම් සැපයෙන කර්මාන්ත නිෂ්පාදිත ලබා දීමේ හැකියාවක් සතු වන බව ද පැහැදිලි ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන