ආදරණීය යෝධ පැන්ඩාවන් ඇසුරු කරන මා ජිංසොං
2021-06-07 17:21:32
Share with:

ආදරණීය යෝධ පැන්ඩාවන් ඇසුරු කරන මා ජිංසොං_fororder___172.100.100.3_temp_9500051_1_9500051_1_1_a9a394a7-f3e3-403d-b98d-bc8377286049

මා ජිංසොං, චීන යෝධ පැන්ඩා සුරැකුම් පර්යේෂණ මධ්‍යස්ථානයේ යාඅන් මූලස්ථානයේ යෝධ පැන්ඩාවන් රැක බලා ගැනීමෙහි නිරත තරුණ පාලිකාවක්. ආදරණීය යෝධ පැන්ඩාවන් ඇසුරු කිරීමට ලැබීම බැලූ බැල්මට ඊර්ෂ්‍යාවට ලක් වන රාජකාරියක් වුවද, යෝධ පැන්ඩාවන් රැක බලා ගන්න කොට ඉතා සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බව ඇය කීවා. යෝධ පැන්ඩාවන්, කොටියන් සිංහයන් වගේ කෝපයට පත් විය හැකි සතෙක්. උන් සමග සුපරීක්ෂාකාරීව ඉන්න ඕන කියාත් ඇය විස්තර කළා.

වරක් මා ජිංසොං රාත්‍රී සේවා මුරයට එක් වුණා. අලුතෙන් පැටවෙක් ලැබූ යෝධ පැන්ඩාවෙක් පැටවාට කිරි දෙන්න දන්නේ නැති සේ සිටියා. සාමාන්‍යයෙන් ඒකට සත්ව පාලකයින්ගේ සහය අවශ්‍ය වෙනවා. එහෙත් නව මවට, පැටවන්ට ආරක්ෂා කිරීමේ ස්වභාවය නිසා සත්ව පාලකයින්ට පහර දෙන්නත් පුළුවන්. අලුතෙන් සේවාවට එක් වූ තරුණ මා ජිංසොංට මෙය විශාල අභියෝගයක් වුණා.

‘මගේ රාජකාරිය වුණේ මවට මී පැණි කවමින් ඇගේ අවධානය වෙනස් කිරීමයි. ඇත්තටම මුළදී මා ඒ පැන්ඩා ළඟට යන්නවත් බය වුණා. මගේ මිත්‍ර සේවකයින් මාව දිරිමත් කළා. පැන්ඩා පැටවාට බඩගිනි කියලා මම දන්නවා. මේ මට මග හැරිය යුතුම දෙයක් කියලාත් මට තේරුණා. පැන්ඩාව ඉස්සරහට ආපු විට මා තුළ ඇති බිය අඩු වුණා වගේ දැනුණා. සිතේ බිය නැති කර ගෙන මම හැන්දකින් මවට මී පැණි කවන්න පටන් ගත්තා. ’මා ජිංසොංගේ සහයෝගය ඇතිව වෙනත් සේවකයින්ට පැන්ඩා පැටවාට කිරි බීමට සහාය දෙන්න පුළුවන් වුණා. ඉන් පසුව මා ජිංසොං යෝධ පැන්ඩාවන් රැක බලා ගැනීම පිළිබඳව අත්දැකීම් හා හැකියාවන් වැඩි කර ගත්තා.

ඇත්ත වශයෙන්ම යෝධ පැන්ඩාවන් රැක බලා ගැනීම වගේ රාජකාරියක්, ඒකාකාරීයි. බො‍හෝ අවස්ථාවල, නිවාඩු ගන්නවත් බැරි වෙනවා. යෝධ පැන්ඩාවන් රෝගී වුණොත්,දිවා රෑ නොතකා වැඩ කරන්නත් වෙනවා. එහෙත් දුර්ලභ සතෙක් වන, ආදරණීය යෝධ පැන්ඩාවන් වෙනුවෙන් මා ජිංසොං සිය රාජකාරි ඉටු කරන්නේ උපරිම උනන්දුවකින්.

ආදරණීය යෝධ පැන්ඩාවන් ඇසුරු කරන මා ජිංසොං_fororder___172.100.100.3_temp_9500051_1_9500051_1_1_c27696ce-c423-4e21-aa97-0076dc086e30

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන