නීතියේ ආධිපත්‍යය තුළ ද්විත්ව ප්‍රමිතීන් ක්‍රියාත්මක කරන, ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා
2021-06-05 16:29:04
Share with:

නීතියේ ආධිපත්‍යය තුළ ද්විත්ව ප්‍රමිතීන් ක්‍රියාත්මක කරන, ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා_fororder_src=http___rs-channel.huanqiucdn.cn_imageDir_854d21d63e6bdac52add7fc90977576cu1.png&refer=http___rs-channel.huanqiucdn

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අද (4) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, නීතිවිරෝධී රැස්වීමකට සහභාගී වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු අය නිදහස් කරන ලෙස, චීනයේ හොංකොං පොලිසියෙන් අසාධාරණ ලෙස ඉල්ලා සිටී.

ඇමරිකානු රජයේ අපකීර්තිමත් ක්‍රියාදාමය හෙළි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබූ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ අසාන්ජ් මහතා නිදහස් කරන ලෙස, ‍එම ට්විටර් පණිවිඩයට පිළිතුරු දෙමින් අන්තර්ජාල පරිශීලකයෝ  ඉල්ලා සිටිති.

නීතියට අනුකූලව හොංකොං පොලීසිය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවලට මැදිහත් වී, අපරාධකරුවන්ගේ ක්‍රියාවන් සුදු හුනු ගෑමට ලක් කර ඇති බ්ලින්කන් මහතා, අසාන්ජ් නිදහස් කරන ලෙස වසර ගණනාවක් තිස්සේ බටහිර රටවල අන්තර්ජාල පරිශීලකයින් සිදු කළ  ඉල්ලීම් මග හැර තිබේ.

ඇන්තනි බ්ලින්කන් නීතියේ ආධිපත්‍යය තුළ ද්විත්ව ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම, ඇමරිකාව නීතියේ ආධිපත්‍යය යටතේ පවතින රටක් ලෙස හැඳින්වීමට නින්දාවකි.

විකිලීක්ස් වෙබ් අඩවිය, 2010 වසරේ ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ යුද්ධයට අදාළ ඇමරිකානු රජයේ රහස් ලේඛන විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළේය. පසුව අසාන්ජ් විසින් ඇමරිකානු රජයේ අපකීර්තිය හෙළි කෙරිණ. විකිලීක්ස් වෙබ් අඩවිය නිකුත් කළ ලේඛන ඇමරිකානු ජනතාවට දැනගත යුතු දේ සහ මැද පෙරදිග කලාපයේ ඇමරිකානු හමුදාව නොකළ යුතු දේ සිදු කිරීම ගැන ජනතාවට කියූ බව, 2019 දී ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ මහජන මන්ත්‍රී මණ්ඩල සාමාජික Tulsi Gabbard මහතා පැවසීය.

බ්ලින්කන් මහතා හොංකොං කටයුතු පිළිබඳව කරදර වීම නවතා, අසාන්ජ් සිද්ධිය සම්බන්ධ අන්තර්ජාල පරිශීලකයින්ගේ ඉල්ලීම්වලට ප්‍රථමයෙන් ප්‍රතිචාර දැක්විය යුතු ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන