මානව හිමිකම් ලෙස එළිදකින ඇමරිකාවේ ආධිපත්‍යය
2021-06-04 21:42:52
Share with:

චීනයේ හොංකොංහි මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken  අද (04) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චීන ජනතාව සමග එකට සිටින බවයි. ඇමරිකාවේ  කොරොනා මරණ සංඛ්‍යාව 6 ලක්ෂය ඉක්මවා ගොස්  තිබියදී ඔහු මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය මුලාවෙන් චීනයේ හොංකොං හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් ව සිටී.  සිය රටේ බරපතල වසංගත තත්ත්වය හමුවේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම ක්‍රියා කලාපයෙන්, ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් ජනතාවගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාව නොතකා

සිය දේශපාලන වාසියට මුල් තැන දීමේ ස්වභාවය පැහැදිලි ව ප්‍රදර්ශනය වී තිබේ. ගත වූ වසරකට වැඩි කාලය තුළ ඇමරිකාවේ පැවති බැරෑරුම් වසංගත තත්තවය හේතුවෙන් එරට දිගු කාලයක් පවතින ජනවාර්ගික ගැටළු තවත් ඉස්මතු වී ඇත.  මේ සමග ම ඇමරිකාවේ මානව හිමිකම් තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතී. හැම විට ම මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කියමින් සිටියත් , Antony Blinken ඇතුළු ඇමරිකානු දේශපාලනඥයන් සලකන්නේ මානව හිමිකම් නොව ඇමරිකාවේ ආධිපත්‍යය බව ඉතා පැහැදිලි ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන