වෛරසයේ සම්භවය සොයා ගැනීම උදෙසා ඇමරිකාව දක්වන උනන්දුවේ අරමුණ
2021-06-04 19:29:41
Share with:

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ආපසු එක් වුව ද කොරොනා වෛරසයේ සම්භවය පිළිබඳ එම සංවිධානය කළ නිගමනය පිළිගැනීම ප්‍රතික්ෂේප කර සිටී. චීනයට එරෙහිව ඔත්තු සේවා මගින් වෛරසයේ සම්භවය සොයා ගැනීමට ඇමරිකාව උනන්දු වන්නේ එක් අරමුණක් වෙනුවෙන් පමණි. එනම් කොරොනා වසංගතය පැතිර යාමේ වරද චීනයට පනවමින් චීනය වඩාත් මර්දනය කිරීමටය.

මේ වන විට කොරොනා වසංගතය හේතුවෙන් මිය ගිය ඇමරිකානු ජාතිකයන් ප්‍රමාණය  6 ලක්ෂය ඉක්මවා ඇත. එහෙත් සිය දේශීය වසංගත පාලනයට අවධානය යොමු නොකර ඇමරිකාව චීනයට අමූලික චෝදනා නැගීමට ඉතා උනන්දු වේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට වසංගත පාලනය වෙනුවෙන් ඇති අවශ්‍යතා නොසලකා ඇමරිකාව එම රටවලට ක්‍රියාශීලිව සහය දෙන චීනයට පහර දීම කණගාටුවට කරුණකි. මෙය ‍ගෝලීය කො‍රොනා වසංගත මර්දන සහයෝගිතාවට බාධා ඇති කර තිබේ. සමගිය හා සහයෝගිතාව ගෝලීය වසංගත මර්දනය සඳහා වන ප්‍රබලතම අවිය වීම ඊට හේතු වී ඇත.

කොරොනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම සඳහා චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉඩ ලබා දී තිබේ. මෙතෙක් සිය දේශභූමිය ලෝක සෞඛ්‍ය සංවිධානයට විවෘත කිරීමට ඇමරිකාව මැලි වී සිටී. එහෙත් පරීක්ෂණ වැළැක්වීම යන බොරු චෝදනා චීනයට එල්ල කිරීමට ඇමරිකාව අමතක කර නොමැත. ගෝලීය වශයෙන් කොරොනා වසංගතය මැඩලීමට තවත් ඇත්තේ දිගු කාලයකි.  ඇමරිකාව කළ යුත්තේ වෛරසය දේශපාලනීකරණයට ලක් නොකර සමගිය හා සහයෝගිතාව වෙනුවෙන් කටයුතු කිරීම ය.         

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන