කොරොනා වෛරසයේ සම්භවය සම්බන්ධයෙන් ඇමරිකාව නිර්මාණය කළ “නාඩගම්”
2021-06-03 19:55:32
Share with:

කොරොනා වෛරසයේ සම්භවය සම්බන්ධයෙන් ඇමරිකාව මෑතකදී විවිධාකාර “නාඩගම්” නිර්මාණය කර තිබේ. එම නාඩගම් සඳහා මාධ්‍යවේදීන්, දේශපාලනඥයන් සහ ඔත්තු සේවා නියුක්තිකයින් යනාදි නළුවන් පිළිවෙළින් පෙනී සිට චීනයට එරෙහිව විවිධ රඟපෑම් කර ඇත.

ලෝක සෞඛ්‍ය සම්මේලනය ආරම්භ වීමට පෙර ඇමරිකාවේ Wall Street Journal පවුත්පත ලිපියක් පළ කරමින් කියා සිටියේ රහස්‍ය ඔත්තු සේවා පණිවිඩයක් ලබාගෙන ඇති බවයි. එම ඔත්තු සේවා පණිවිඩයෙන් කියැවෙන්නේ කොරොනා වෛරසයේ සම්භවය චීනයේ වු හැන් පරීක්ෂණාගාරයට අදාළ බව යැයි, Wall Street Journal පුවත්පත පැවසීය. මෙම පුවත වාර්තා වූ පසු ඇමරිකාවේ සෙසු මාධ්‍ය වහාම විවිධ කට කතා ප්‍රචලිත කළේ ය. ඉන් අනතුරු ව ඇමරිකාවේ දේශපාලනඥයන් චීනයට එරෙහි ව කොරොනා වෛරසයේ සම්භවය පිළිබඳව තව තවත් ක්‍රියාශීලි ව කටයුතු කර තිබේ. මහජන පීඩනය යන ව්‍යාජ හේතුව මූලික කරගෙන ඔත්තු සේවා යොදවමින් කොරොනා වෛරසයේ සම්භවය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඔවුන් නියෝගය කර ඇත. චීනය ඉලක්ක කරගෙන ඉතා සැලසුම් සහගත ව ඇමරිකාව නාඩගම් නිර්මාණය කර ඇත්තේ මෙලෙසින් ය.

මෙවන් නාඩගම් මීට පෙර අපට දක්නට ලැබිණ. කොරොනා වෛරසයේ සම්භවය පිළිබඳව ඇමරිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත නැවත ප්‍රකාශ කර ඇත්තේ වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේදී එය දේශපාලනීකරණයට ලක් වෙමින් පවතින බවයි. ඇමරිකාව ඔත්තු සේවා යොදවා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම විද්‍යාවට පටහැණි බව බොහෝ වි‍ශ්ලේෂකයන් පෙන්වා දී ඇත. එබැවින් චීනයට එරෙහිව ඇමරිකාව ඔත්තු සේවා මගින් ගොතන වාර්තා කිසිවෙකු විශ්වාස නොකරන බව නියත ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන