වෛරසයේ ප්‍රභවය සොයාගැනීම දේශපාලනීකරණය කිරීම යනු විද්‍යාව පාගා දමා ජීවිතය නොසලකා හැරීමකි
2021-06-02 19:00:35
Share with:

සමහර ඇමරිකානු දේශපාලනඥයන් නව කොරොනා වෛරසයේ ප්‍රභවය සොයාගැනීම මගින් මෑතකදී චීනය නැවතත් අපකීර්තියට පත් කිරීමට උත්සාහ කර ඇත.

ඔවුන්ගේ එම ක්‍රියාව මුළු ලෝකයම දැඩි ලෙස හෙළා දැක තිබේ.

නව කොරොනා වෛරසයේ ප්‍රභවය සොයාගැනීම යනු සැබැවින් ම විද්‍යාත්මක ප්‍රශ්නයකි.

වෛරසයේ ප්‍රභවය සොයාගැනීමේ විද්‍යාත්මකභාවය සහ අධිකාරය සහතික කිරීම සඳහා, ජගත් ප්‍රජාව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයට සහාය දෙන අතර, විද්‍යාඥයින්ගේ පර්යේෂණවලට පහසුකම් සැපයිය යුතු ය.

එසේම ලෝකයේ විවිධ ස්ථානවල මුල් කාලයේ නව කොරොනා ආසාදන සිද්ධි එකින් එක සොයා ගන්නා ලද බැවින්, වෛරසයේ ප්‍රභවය සොයා ගැනීම බහු රටවල හා බහු කලාපවල ක්‍රියාත්මක කළ යුතු ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට නව කොරොනා වසංගතය ගැන වාර්තා කළ පළමු රට චීනයයි. වෛරසයේ ප්‍රභවය සොයාගැනීම ක්‍රියාත්මක කිරීම සඳහා චීනය අවස්ථා කිහිපයකදී ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන්ට ආරාධනා කර තිබේ.

වෛරසයේ ප්‍රභවය සොයාගැනීම පිළිබඳ පර්යේෂණවල දී, චීනය පෙන්වූ විවෘතභාවය, විනිවිදභාවය සහ වගකිව යුතු ආකාරය ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් ප්‍රශංසා කර තිබේ.

විද්‍යාව පාගා දමන හා ජීවිත නොසලකා හරින ඇමරිකානු දේශපාලනඥයින්ට මිනිස් වර්ගයාගේ සතුරන් වීමට අවශ්‍ය ද?_fororder_1b4c510fd9f9d72a40620544db2a2834349bbb60

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සෞඛ්‍ය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ Michael J.Ryan මහතා මෑතකදී අනතුරු අඟවා ඇත්තේ‍, වෛරසයේ ප්‍රභවය සොයාගැනීමේ ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානයට අසාධාරණයක් වන අතර, එය වෛරසයේ ප්‍රභවය පිළිබඳ පිළිතුරු සොයා ගැනීමට බාධා කරනු ඇති බවයි.

මෑතකදී අවසන් වූ  74වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනයේ දී, ගෝලීය වසංගතයට එරෙහි සටනේ දී චීනය දැක්වූ දායකත්වය පිළිබඳව, විවිධ රටවල නියෝජිතයෝ ප්‍රශංසා කළහ.

එමගින් සංකේතවන් වන්නේ, ඇතැම් ඇමරිකානුවන් චීනයට කළ අපකීර්තිය සාර්ථක නොවන බවයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන