වසර 2020 අගෝස්තු මස හතර වනදා ලෙබනනයේ අගනගරය වන බේරුට් නගරයේ වරායක විශාල පිපිරීමක් සිදු වුණා. පිපිරීම සිදු වූ ස්ථානයට කිලෝමීටර් පහක් දුරින් ඇති කාර්යාලයක, 31 හැවිරිදි චන් වෙයිචෙන්ට පිපිරීම මෙන්ම කම්පනය ද දැනුණා. ඇය බෙයිජිංPeaceland අරමුදලෙන් ලෙබනනයට යවනු ලැබූ ස්වේච්ඡා සේවිකාවක්. බේරුට්යේ හා අවට ප්‍රදේශයට පැමිණි සිරියානු සරණාගතයින්ට සහාය දැක්වීම ඇගේ එදිනෙදා රාජකාරී කටයුතු වුණා.
බේරුට් වරාය පිපිරීම සිදු වීමෙන් අනතුරුව, බියට හා පැකිලීමට කිසිදු ඉඩකඩක් නොදී චන් වෙයිචෙන් ප්‍රථම අවස්ථාවේම සරණ කඳවුරුවලට දුව ගියා.පිපිරීම සිදුවූ ස්ථානයට ආසන්න සරණාගත කඳවුරුවලට බලපෑම් එල්ල වී ඇති අයුරු ඇය දැක්කා. ඇගේ සම්බන්ධීකරණයෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය කාර්යක්ෂම ලෙස සරණාගත කඳවුරුවලට යොමු වී තිබුනා.
බේරුට් නගරයේ සිදු කළ රාජකාරිය තුළින්, චන් වෙයිචෙන්ට සරණාගතයින්ගේ ජීවිත සැබවින්ම දැක ගන්න ලැබුණා. යුද්ධය, පලා යාමේ ජීවිතය, පදිංචි වෙන්න නොලැබීම, මේවා තමයි ලෙබනනයේ සිටින සිරියානු සරණාගතයින්ගේ වත්මන් ජීවන තත්ත්වය.
සේවා කාලය අවසන් වී වසර 2021 දී චන් වෙයිචෙන් චීනයට ආපසු පැමිණියා. සරණාගතයින්ගේ තත්ත්වයට වඩාත් වැඩි සමාජ අවධානයක් යොමු කරවීම සඳහා සුබසාධන දේශනා කෙරෙහි ඇය යොමු වෙන්න පටන් ගත්තා.
කෙසේ වුවද තරුණ මෙන් කෙට්ටු චන් වෙයිචෙන් තුළ එපමණ විශාල හැකියාවක් හා බලයක් තිබීමට හේතුව කුමක් දැයි බොහෝ අය ඇයගෙන් ඇහුවා. ඇගේ පිළිතුර සරලයි.
‘කවදා හෝ අපිට සටන් රහිත තිරසර සාමයක් පවතින යුගයක ජීවත් වෙන්න පුළුවන් කියන එක මගේ බලාපොරොත්තුවයි.’