පරීක්ෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉඩ සලසන ලෙසට ඇමරිකාවෙන් කාරුණික ඉල්ලීමක්
2021-06-01 20:21:31
Share with:

74වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනය අද(01) නිමාවට පත් විය. එම සම්මේලනය පැවති කාලයේ ඇමරිකාව යළි කොරොනා වෛරසයේ සම්භවය පිළිබඳව චීනයට එරෙහිව ප්‍රශ්න නැගුවේ ය. ‍ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛත්වයෙන් සිදු කෙරෙන කොරොනා වෛරසයේ සම්භවය සොයා ගැනීමේ කටයුතුවලදී චීනයෙන් ඉටු කළ යුතු කොටස මේ වන විට අවසන් වී තිබේ. පසුගිය ජනවාරි මස 14වැනි දා සිට පෙබරවාරි මස 10වැනි දා දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්වාධීන කණ්ඩායමක් මාසයක පමණ කාලයක් චීනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත. කොරොනා වෛරසය චීනයේ පරීක්ෂණාගාරයකින් කාන්දු වීමක් සිදු නොවූ බවට පුළුල් නිරීක්ෂණයකින් පසු එම කණ්ඩායම නිගමනය කර තිබේ.

කොරොනා වෛරසයේ සම්භවය පිළිබඳව සොයා බැලීමේදී චීනයට එරෙහිව ඇමරිකාව විවිධ ප්‍රශ්න නැගුව ද ජගත් ප්‍රජාවට පැහැදිලි කළ යුතු බොහෝ දේ ඇමරිකාව කර නොමැත. ඇමරිකාවේ Fort Detrick පරීක්ෂණාගාරය එහි ප්‍රධාන වේ. ඇමරිකානු ඔත්තු සේවයේ රහසිගත රසායනාගාරය සහ මනෝ පාලන පරීක්ෂණාගාරය වශයෙන් සැලකෙන Fort Detrick පරීක්ෂණාගාරය, 2019 වසරේ ජූලි මස හදිසියෙන් ම වසා දැමිණ. ඉන් පසු ඊට ආසන්න ජන ප්‍රජාවකින් වාර්තා වූ රෝගීන්ගේ ‍රෝග ලක්ෂණ කොරොනා ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ හා බොහෝ සෙයින් සමාන විය. මීට අමතරව , ඇමරිකාව පුරා පරීක්ෂණාගාර 200කට වැඩි සංඛ්‍යාවක් විසිරී ඇත. එම පරීක්ෂණාගාරවල තොරතුරු ඇමරිකාව කවර දිනෙකවත් හෙළි ‍කර නැත. එම පරීක්ෂණාගාර අවට ප්‍රදේශවලින් විශාල පරිමාණ වසංගත තත්ත්වයන් මතු වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන් ම , මේ වින විට ඇමරිකාවෙන් වාර්තා වූ පළමු කොරොනා ආසාදිතයා පිළිබඳ පැහැදිලි නිගමනයක් දක්නට නොලැබේ. ඊට අදාළ සැබෑ විස්තරය ඇමරිකාව ජගත් ප්‍රජාවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි අපට සිතේ.

කොරොනා වසංගතය ලොව පුරා පැතිර ගොස් මාස 17ක් ගත වී තිබේ. වසංගතය දේශපාලනීකරණය කිරීම නතර කරමින් චීනය සේ ම ලෝක සෞඛ්‍ය සංවිධානයට පරීක්ෂණ කිරීමට ඉඩ සලසන ලෙස අපි ඇමරිකාවෙන් කාරුණිකව ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන