දුරකථන සංවාද වලට රහසේ සවන් දීම නිරන්තරව සිදු කරන ඇමරිකාවට තවත් ජාත්‍යන්තර කීර්තියක් තිබේ ද?
2021-06-01 19:22:31
Share with:

දුරකථන සංවාද වලට රහසේ සවන් දීම නිරන්තරව සිදු කරන ඇමරිකාවට තවත් ජාත්‍යන්තර කීර්තියක් තිබේ ද?_fororder_b58f8c5494eef01faeae80ba5e780f2dbd317da2

Danmarks ගුවන් විදුලිය මෑතකදී පළ කළ වාර්තාවකට අනුව ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව ඩෙන්මාර්ක බුද්ධි තොරතුරු දෙපාර්තමේන්තුව ඔස්සේ ඩෙන්මාර්ක අන්තර්ජාලයට එක්ව මුල් දත්ත ලබා ගෙන ඇත. එමගින් ජර්මන් චාන්සලර් Angela Merkel මහත්මිය ඇතුළු යුරෝපා රටවල දේශපාලනඥයන් පිළිබඳව ඇමරිකාව රහසින් නිරීක්ෂණ කරමින් සිටී.

යුරෝපා දේශපාලනඥයන් ඇමරිකාවේ රහස් නිරීක්ෂණ වලට දිගුකාලීනව ලක්වී ඇත. 2013 වසරේ ඇමරිකාවේ මධ්‍යම බුද්ධි තොරතුරු දෙපාර්තමේන්තුවේ හිටපු සේවකයෙකු වූ Edward Snowden මහතා මාධ්‍ය ඔස්සේ හෙළි කර ඇත්තේ, ඇමරිකානු රජය දෙස් විදෙස් දුරකථන හා අන්තර්ජාල සන්නිවේදනය වෙත පුළුල් වශයෙන් රහසේ කන් දී ඇති බවයි. නවතම රහස් කන් දීමේ සිද්ධියෙන් පෙන්නුම් කළ හැක්කේ, ඇමරිකාව නොකඩවා ම යුරෝපය පිළිබඳ ඔත්තු බලමින් සිටින බවයි.

යුරෝපයට සැබෑ තර්ජනය පවතින්නේ වොෂිංටනයෙන් බව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ බ්‍රිතාන්‍යයේ විශ්ලේෂක Tom Fowdy මහතා පවසා ඇත. මෑතකදී ජර්මනිය, ප්‍රංශය, නොර්වේ හා ස්වීඩනය ඇතුළු යුරෝපා රටවල් රැසක් ඇමරිකාවෙන් හේතු දක්වන ලෙස ඉල්ලා තිබේ. යුරෝපා රටවලට ඊනියා සමීප හිතවාදී රටක් වන ඇමරිකාව මේ දක්වා කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත. දින 10කින් පසු ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා යුරෝපා සංචාරයක නිරත වනු ඇත. ඇතැම් ඇමරිකානු වැසියන් යහපත් හේතු හෝ පිළිතුරු ලබා දුන්න ද රහසේ කන් දීම නිරන්තරව සිදු කරන ඇමරිකාවට ජාත්‍යන්තර කීර්තිය දිගු කාලයක් අහිමි වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන