කොරොනා වෛරසයේ සම්භවය උපයෝගි කර ගනිමින් චීනයට ඇමරිකාවෙන් ජාත්‍යන්තර පීඩන
2021-05-31 20:11:06
Share with:

පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ව්‍යාපෘති පිළිබඳ විධායක අධ්‍යක්ෂ Michael Ryan මහතා එම සංවිධානයේ මාධ්‍ය හමුවකදී කොරොනා වෛරසයේ සම්භවය පිළිබඳ අදහස් දැක්වීය. කොරොනා වෛරසයේ සම්භවය සොයා ගැනීම දේශපාලන බලපෑම්වලට ලක්ව ඇතැයි ඔහු එහිදී පෙන්වා දුන්නේ ය. එය, ඇමරිකාව ප්‍රමුඛ ඇතැම් රටවල් පරීක්ෂණාගාර කාන්දුව යළි ඉස්මතු කිරීමේ ක්‍රියාකලාපයට එරෙහිව පළ වූ අදහස් වශයෙන් සැලකේ.

මෑතදී කොරොනා වෛරසයේ සම්භවය පිළිබඳව ඇමරිකාව චීනයට එරෙහිව යළි කටයුතු ආරම්භ කිරීම දක්නට ලැබේ. කාලාන්තරයක් තිස්සේ ඇමරිකාව චීනය සිය ප්‍රබලතම උපාය මාර්ගික ප්‍රතිවාදියා වශයෙන් සලකන බව රහසක් නොවේ. චීනයේ ප්‍රතිරූපයට හානි කළ හැකි ඕනෑ ම දෙයක් ඇමරිකාව උනන්දුවෙන් කරන බව ඇමරිකාවේ Georgetown විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සම්මුඛ සාකච්ඡාවකදී සෘජුවම පැවසීය. ගෙවී ගිය වසර තුළ සාර්ථක වසංගත පාලනයට අමතරව චීනය ගෝලීය වසංගත මර්දනය වෙනුවෙන් සක්‍රීය කාර්යභාරයක් ඉටු කර තිබේ.මේ වන විට චීනය ජගත් ප්‍රජාව වෙනුවෙන් කොරොනා මර්දන එන්නත් මාත්‍රා කෝටි 30කට වැඩි සංඛ්‍යාවක් සපයා දී ඇත.මෙය ජගත් ප්‍රජාවේ පුළුල් ඇගයීමකට ලක් වී තිබේ. එහෙත් ඇමරිකාව එන්නත් පිළිබඳ ජාතිවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන බැවින් ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට පාත්‍ර ව සිටී. දේශීය වශයෙන් අසාර්ථක වසංගත පාලනය වසන් කිරීම සහ පශ්චාත් වසංගත යුගයේ සිය  ආධිපත්‍යය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඇමරිකාව කොරොනා වෛරසයේ සම්භවය උපයෝගි කරගෙන චීනය ජාත්‍යන්තර පීඩනයන්ට ලක් කරයි.

ඇමරිකාවේ මෙම ක්‍රියාකලාපය ජාත්‍යන්තර විවේචනයට ලක් ව තිබේ.“Nature” සඟරාවේ නිල වෙබ් අඩවිය මෑතකදී ලිපියක් පළ කරමින් ඊනියා “පරීක්ෂණාගාර කාන්දුව” කටකතාවලට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.කොරොනා වෛරසය පරීක්ෂණාගාරයෙන් කාන්දු වූ බව කිසිදු සාක්ෂියකින් ඔප්පු වී නැතැයි ලෝක ‍සෞඛ්‍ය සංවිධානය පසුගිය දා නැවත ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන