ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන්ගේ කුහකත්වයෙන් පිළිඹිබු කරන හොංකොං අවුල්සහගත චේතනා වසන් කළ නොහැකිය
2021-05-29 18:16:45
Share with:

ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන්ගේ කුහකත්වයෙන් පිළිඹිබු කරන හොංකොං අවුල්සහගත චේතනා වසන් කළ නොහැකිය_fororder_QQ图片20210529181538

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ව්‍යවස්ථාදායක සභාව විසින් 2021 මැතිවරණ ක්‍රමය වැඩිදියුණු කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීම සම්බන්ධයෙන් ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් බ්‍රහස්පතින්දා (27) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය හොංකොං ජනතාව ස්වයං පාලනයට සහභාගී වී ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම බරපතල ලෙස සීමා කරන බවයි.

ඇමරිකාවේ මෙම පියවර අනපේක්ෂිත නොවේ. බොරුවක් දහස් වතාවක් පුනරුච්චාරණය කරන්නේ නම් එය සත්‍යයක් නොවේ. ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය සහ හොංකොං ජනතාවගේ අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වන බව අසත්‍යයකි. ඇමරිකාව හොංකොං කටයුතුවලට සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බව සත්‍යයකි.

හොංකොං විශේෂ පිරිපාලන කලාපයේ ප්‍රාදේශීය නීති සම්පුර්ණයෙන්ම පූර්ණ කිරීම ජාතික මහජන සම්මේලනයේ අදාළ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් පියවරක් වන අතර චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සංශෝධනයේ ස්වභාවය ද වේ. මෙය හොංකොං පාලනය කිරීම සඳහා දේශප්‍රේමීන්ට නව නිතීමය ව්‍යුහයක් තවදුරටත් ස්ථාපිත කිරීම සහ හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ  හිතකර හා විධිමත් සංවර්ධනය සඳහා ශක්තිමත් නීතිමය සහතිකයක් ලබා දීමකි.

හොංකොං ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වඩාත් පුළුල් ලෙස ආරක්ෂා කිරීම සඳහා වූ මෙම විධිවිධානය ඇමරිකාවේ ඇතැම් පුද්ගලයින් විසින් හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට වල කැපේ යනුවෙන් නින්දා කර තිබේ. එය සැබවින්ම හාස්‍යජනකය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන