ජපානය සිය න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීම, සාගරයටත්, පෘථිවියටත් මෙන් ම මානවයාට ද ප්‍රබල අපරාධයක් බව අවධාරණය කෙරේ
2021-05-29 17:01:02
Share with:

චීනයේ ජපාන තානාපති කාර්යාලය පසුගිය දා සිය වෙබ් අඩවිය ඔස්සේ ෆුකුෂිමා න්‍යෂ්ටික අප ජලය පිළිබඳ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ ය. ඔවුන් මුහුදට මුදා හැරීමට සැළසුම් කර ඇත්තේ ‘ALPS ක්‍රමයෙන් සකස් කරන ලද ජලය’ මිස, ‘න්‍යෂ්ටික අප ජලය’ නොවන බව එහිදී ප්‍රකාශ කෙරිණ. මෙම ක්‍රමය ජාත්‍යන්තර නීති-රීති වලට අනුකූල වන බව ජපානය පවසයි. ලෝකයේ විවිධ රටවල් සාමාන්‍ය වශයෙන් ‘න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හරින බවද ජපානය පවසා ඇත.

බොහෝ විශේෂඥයන් සඳහන් කළ ආකාරයට, ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරෙන් පසු එහි අප ජලයේ විකිරණශීලි න්‍යෂ්ටික ද්‍රව්‍ය රැසක්  පවතින අතර එහි අඩංගු ද්‍රව්‍ය ඉතා සංකීර්ණ ය. එම අප ජලය, අනතුරු සිදු වී නොමැති න්‍යෂ්ටික විදුලි බලාගාරයක් සාමාන්‍ය වන පරිදි ක්‍රියාත්මක වීමෙන් ඇති වන ජලය හා සැසඳීමේදී, කිසිසේත් ම සමානත්වයක් නොමැත. ජපානය මෙම ජල වර්ග 2 සම්බන්ධ කර ගැනීමේ ක්‍රියාව, ජගත් ප්‍රජාවට ලබා දුන් ප්‍රතිඥා කඩ කිරීමකි.

2020 වසරේ පෙබරවාරි මාසයේ ජපානය නිකුත් කළ වාර්තාවකට අනුව, සකස් කරනු ලැබූ න්‍යෂ්ටික අප ජලය තවමත් අදාළ ප්‍රමිති අභිබවා යාම 73%කි.

එහෙත්, ජපානයේ ඇතැම් දේශපාලනඥයන් වරින් වර සඳහන් කර ඇත්තේ න්‍යෂ්ටික අප ජලය ඉතා සුරක්ෂිත බවයි. ඍජුව පානය කළ හැකි යැයි පවා ඔවුහු ප්‍රකාශ කරති. එසේ වුවද, ජපානය න්‍යෂ්ටික අප ජලය තම රටේ තැන්පත් නොකරන්නේ මන්ද ? ප්‍රශ්න තිබෙන්නේ නම්, ස්වභාවික ක්‍රම වලින් වාෂ්පවීමට ඉඩ හැරීමට හැකි නොවෙයි ද? මෙවැනි ක්‍රම, ඍජුව මුහුදට මුදා හැරීමට සාපෙක්ෂ ව එතරමට පහසු නැති බව ඉතා පැහැදිලි ය. ජපානය න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීම, සාගරයටත්, පෘථිවියටත් මෙන් ම මානවයාට ද ප්‍රබල අපරාධයක් බව කිව හැකි ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන