වසංගතය දේශපාලනීකරණය කිරීම වත්මන් ඇමරිකා රජයේ අභිප්‍රායයි
2021-05-28 11:16:22
Share with:

වසංගතය දේශපාලනීකරණය කිරීම වත්මන් ඇමරිකා රජයේ අභිප්‍රායයි_fororder_QQ图片20210528111355

නව කොරොනා වෛරසයේ ආරම්භය සොයා ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පසුගිය 26වැනිදා බුද්ධි අංශවලට නියෝග කළේය. වෛරසය ස්වභාවිකව හෝ රසායනාගාරයකින් පැමිණියේ ද යන්න පිළිබඳව අදාළ වාර්තාවක් ඉදිරි දින 90 ක් තුළ ඉදිරිපත් කරන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය. ජාත්‍යන්තර පරීක්ෂණයට සහභාගී වන ලෙස චීනයෙන් ඉල්ලා සිටීම සඳහා ඇමරිකාව හවුල්කරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ද ඔහු පැවසීය.

වෛරස‍යේ ආරම්භය සොයා ගැනීම විද්‍යාත්මක ප්‍රශ්නයකි. බුද්ධි අංශ ඒ පිළිබඳ විමර්ශනය කළ යුත්තේ ඇයි? කවුරුත් දන්නා පරිදි, මාර්තු මස අවසානයේදී නිකුත් කෙරුණු චීන-ලෝක සෞඛ්‍ය සංවිධාන නව කොරොනා වෛරසයේ ආරම්භය සොයා ගැනීම පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ වාර්තාව මගින් සනාථ කර ඇත්තේ නව කොරොනා වෛරස රසායනාගාරයකින් පිටවීම “අතිශයින්ම සිදුවිය”නොහැකි බවයි. වෛරසයේ ආරම්භය  චීනයේදී සොයා ගැනීම අවසන් වී ඇත. චීනය තවදුරටත් අදාළ පරීක්ෂණයට ඇතුළත් කරනු ලබන්නේ ඇයි? වසංගතය දේශපාලනීකරණය කිරීමේ වත්මන් ඇමරිකා රජයේ අභිප්‍රාය" නිරුවත්වීමක් “ලෙස හැඳින්විය හැකිය.

වෛරස් හඳුනාගැනීම ගෝලීය කාර්යයකි. ලෝකයේ විවිධ ප්‍රදේශවල මුල් අවස්ථාවල නව කොරොනා ආසාදිතයන් සොයාගෙන ඇති අතර වෛරස් හඳුනාගැනීම බොහෝ රටවල සහ බොහෝ ප්‍රදේශවල සිදු කළ යුතුය. කොරොනා වසංගත දරුණු ලෙස බලපා ඇති ඇමරිකාව ප්‍රථමයෙන් පරීක්ෂණයට ඇතුළත් කළ යුතුය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන