එකම චීනය යන මූලධර්ම අභියෝගයට ලක් කළ නො‍හැක
2021-05-25 20:05:40
Share with:

එකම චීනය යන  මූලධර්ම අභියෝගයට ලක් කළ නො‍හැක_fororder_《国际锐评》世卫大会再拒涉台提案表明一个中国原则不容挑战

තායිවානය සම්බන්ධ යෝජනාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ  මහා සමුළුව විසින් නැවත වරක් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන්  පෙන්නුම් කරන්නේ එකම චීනය යන  මූලධර්ම අභියෝගයට ලක් කළ නො‍හැකි බවයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහා සමුළුවට චීන තායිවාන ප්‍රාදේශයේ සහභාගීත්වය එකම චීනය යන මූලධර්මයකට අනුකූලව හැසිරවිය යුතු අතර එය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 2758  සහ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහා සමුළුවේ  25.1වැනි යෝජනාව  මගින් සනාථ කරන ලද මූලික මූලධර්මය වේ.

2009 සිට 2016 දක්වා තායිවාන ප්‍රා‍දේශය ලෝක සෞඛ්‍ය සමුළුවට “චීන තායිපේ” නමින් නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වීම සමුද්‍ර සන්ධි දෙපස  එකම චීනයට අනුගත වන “1992 සම්මුතියේ” පදනම මත උපදේශනය මගින් කරන ලද විශේෂ විධිවිධාන මූලධර්මයකි. කෙසේ වෙතත්, 2016 දී තායිවානයේ මින් චීන් තාං පක්ෂය  බලයට පත්වූ දා සිට,  "1992 සම්මුතිය" පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර මුරණ්ඩු ලෙස "තායිවානයේ නිදහස" අනුගමනය කළේය. එයින් තායිවානය ලෝක සෞඛ්‍ය සංවිධානයට සහභාගී වීමට තායිවානයට දේශපාලන පදනමක් නැති විය . වෙනත් වචන වලින් කිවහොත්, මෙම දැඩි අනන්‍යතාව විනාශ කළේ තායිවානයේ මින් චීන් තාං පක්ෂ බලධාරීන් ය.

ජාත්‍යන්තර ප්‍රජාවට මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇත. මෙවර ලෝක සෞඛ්‍ය මහා සමුළුව ආරම්භ කිරීමට පෙර රටවල් 150 කට වැඩි සංඛ්‍යාවක් තායිවාන ප්‍රදේශය මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී  නොවිය යුතු යැයි චීනය ගත් තීරණයට රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා සහයෝගය පළ කළේ ය. රටවල් 80 කට වැඩි සංඛ්‍යාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයට විශේෂ ලිපිමක් යොමු කිරීම එකම චීන මූලධර්මය පිළිපැදිය යුතුය යන්නේ සැබෑ පිළිබිඹුවකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහා සමුළුව දේශපාලන ආත්මාර්ථය වෙනුවෙන් පෙනී සිටින තැනක් නොවේ. ඇතැම් බටහිර රටවල් සෞඛ්‍ය ගැටලු දේශපාලනීකරණය කිරීම එම මහා සමුළුවේ සාමාන්‍ය පිළිවෙලට බාධා පමුණුවන අතර වසංගතයට එරෙහි සටනේදී ගෝලීය සහයෝගීතාවයට බලපානු ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන