“ලෝක සුළු භාණ්ඩ ගනුදෙනු අගනගරය” වන යීවූ නගරයේ සංවර්ධන ක්‍රියාමාර්ගය
2021-05-24 14:35:58
Share with:

නැගෙනහිර චීනයේ චජියං පළාතේ යීවූ නගරය, ‘මුළු ලෝකයට අලෙවිය, මුළු ලෝකයෙන් මිලට ගැනීම’යන ප්‍රසිද්ධිය දරන නගරයක්. යීවූ නගරය වෙළෙඳපොල මත ඉදි කළ නගරය‍ක් ලෙස හැඳින් වෙනවා.

යීවූ නගරයේ සමස්ත ජනගහණය, මිලියන 1.86ක් විතරයි. සෑම යීවූ වැසියන් දහදෙනෙකුගෙන් තුන් දෙනෙක් ව්‍යාපාරික හිමිකරුන් කියලා කියමනක් තියෙනවා.

图片默认标题_fororder_1111

පසුගිය වසර ගණනාවක් පුරා යීවූ නගරය ‘ලෝක සුළු භාණ්ඩ ගනුදෙනු අගනගරය’ පිළිබඳ සංවර්ධන ක්‍රියාමාර්ගයක් අනුගමනය කර තිබෙනවා. එහි දළදේශීය නිෂ්පාදිත වටිනාකම වසර 2010යේ යුවාන් බිලියන 61.4ක සිට වසර 2020 යුවාන් බිලියන 148.56ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

අද දවසේ යීවූ නගරය, සුළු භාණ්ඩ සාගරයක් කියා කිවහොත් එය අතිශයෝක්තියක් නෙවෙයි. සමෘද්ධිමත් වෙළෙඳපොල, පහසු භාණ්ඩ ප්‍රවාහන සේවාව යන සාධක දෙකින්, යීවූ හි නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය වන වාසී පහසුකම් පෝෂණය වී තිබෙනවා. දස දහස් සංඛ්‍යාත තරුණ ව්‍යාපාරිකයන් යීවූ නගරය කෙරේ යොමු වූයේ ඒ හේතුව නිසාමයි.  මෙය යීවූ නගරයට නව ශක්තියක් එකතු කර තිබෙනවා.

图片默认标题_fororder_2222

තරුණකරණය, නගරයක ජනගහණ වාසියක් ලෙස සැලකිය හැකියි. යීවූ නගරයේ 15ත් 59ත් අතර වයස් කාණ්ඩයේ ජනගහණය සමස්ත ජනගහණයෙන් සියයට 75.88ක පමණ වෙනවා. එය රටේ සාමාන්‍ය තත්ත්වය හා සැසඳීමේදී 12.53ක ප්‍රතිශතමය වැඩි වීමක්. පිට ප්‍රදේශවලින් යීවූ නගරයට පැමිණි ජනගහණයෙන් බහුතරයක් තරුණයින් වීම එහි හේතුවයි. මේ වැනි තරුණකරණය යීවූ නගරයේ තරගකාරීත්වයට හොඳ පිළිබිඹුවක් ලෙසට ද සැලකිය හැකියි.

图片默认标题_fororder_4444

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන