සාමකාමී විමුක්තිය ලැබීමේ වසර 70ක් තුළ ටිබෙට් ප්‍රදේශය ලැබූ සංවර්ධන ජයග්‍රහණ
2021-05-22 14:26:39
Share with:

图片默认标题_fororder_0ffe77a096737f5069ec759b6bfe2b8a

‘ටිබෙට් ප්‍රදේශයේ සාමකාමී විමුක්තිය, සමෘද්ධිය හා සංවර්ධනය’ නමැති ධවල පත්‍රිකාව චීන රජය විසින් පසුගිය 21වනදා නිකුත් කරන ලදි. ටිබෙට් ප්‍රදේශය සාමකාමී විමුක්තිය ලැබීමේ වසර 70ක් තුළ ලැබූ සංවර්ධන ජයග්‍රහණ එමගින් පූර්ණ ලෙස විදහා දක්වා ඇත.

 ඉතිහාසයේ සිටම ටිබෙටය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. නූතන යුගයේ එය බටහිර රටවල ආක්‍රමණයන්ට හා හිරිහැරවලට පාත්‍ර විය. බිම මට්ටමේ ජනතාවට කිසිදු මානව අයිතියක් පවා හිමි වූයේ නැත. 1951 වසරේ මැයි මස 23 වනදා ටිබෙට් ප්‍රදේශයේ සාමකාමී විමුක්තිය ප්‍රකාශයට පත් කිරීමත් සමගම එම ප්‍රදේශය ආලෝකවත් ගමනක් ආරම්භ කොට ඇත. වසර 1965 දී ටිබෙට් ප්‍රදේශයේ ස්වායත්ත ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඇරඹිණ. ජනතාවගේ මානව හිමිකම් තහවුරු වීමට එය පදනම් වී තිබේ.

දත්ත ඊට හොඳම සාක්ෂියයි. වසර 1951 දී ටිබෙට් ප්‍රදේශයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් කෝටි 12.9ක් විය. වසර 2020 වන විට එම සංඛ්‍යාව යුවාන් බිලියන 190 දක්වා වැඩි විය. වසර 2020 දී ටිබෙට්හි නාගරික වැසියන්ගේ ආදායම වසර 2010 හා සැසඳීමේදී දෙගුණයක් දක්වා වර්ධනය විය. ගැමි ජනතාවගේ ආදායම වසර 18ක් පුරා සියයට 10කට වැඩි අනුපාතයකින් වර්ධනය වූ අතර එම වර්ධන වේගය චීනයේ පළමු ස්ථානයේ පසු විය. 1951දී  වසර 35.5ක් වූ ටිබෙට් ප්‍රදේශයේ සාමාන්‍ය ආයු කාලය වසර 2019 දී වසර 71.1ක් දක්වා ද වැඩි වී තිබේ.

මේ අතර ටිබෙට්හි සාම්ප්‍රදායික සංස්කෘතිය හා ආගමික ඇදහිලි පූර්ණ සුරැකුම හා සංවර්ධනය ලබා ඇත. ටිබෙට් භාෂාව, ජගත් ප්‍රමිතිය හිමි  චීනයේ ප්‍රථම සුළු ජාතික භාෂාවය. දැනට ටිබෙට් ස්වායත්තයේ ටිබෙට් බෞද්ධ ආගමික ස්ථාන 1700ක් පමණ ඇත. භික්ෂූ භික්ෂුනීහු හතලිස් හය දහස් නමක් වැඩ සිටිති. 

 අද ටිබෙට්යේ ආර්ථිකය, ජන ජීවිතය, යටිතල පහසුකම් හා අධ්‍යාපන මට්ටම කැපී පෙනෙන ඉහල යාමක් පෙන්නුම් කර ඇත. විශේෂයෙන්ම එහි සංස්කෘතික හා ආගමික ක්‍රියාකාරකම් ආරක්ෂාවට හා ගරුත්වයට ලක් වී තිබෙන බව ‘සැබෑ ටිබෙට්ය’ නම් හොලිවුඩ් වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂ Chris D. Nebe මහතා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන