චීන ජනාධිපතිවරයාගෙන් ගෝලීය වසංගත පාලනය සඳහා පස්වැදෑරුම් යෝජනා මාලාවක්
2021-05-22 15:50:52
Share with:

චීන ජනාධිපතිවරයාගෙන් ගෝලීය වසංගත පාලනය සඳහා පස්වැදෑරුම්  යෝජනා මාලාවක්_fororder_微信图片_20210522150247

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(21) රාත්‍රී ආරාධනාවක් මත බෙයිජිං නගරයේ සිට ගෝලීය සෞඛ්‍ය සමුළුවට වීඩි‍යෝ ආකාරයෙන් එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

චීනයේ වසංගත පාලන අත්දැකීම් සම්පිණ්ඩනය කරමින් ගෝලීය වසංගත පාලනය සඳහා ඔහු විසින් පස් වැදෑරුම්  යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලදි.

ජනතාවටත් ජීවිතවලටත් ප්‍රමුඛතාව ලබා දීම, විද්‍යාත්මක ව සැලසුම් සම්පාදනය කරමින් සම්බන්ධීකරණයෙන් මුහුණ දීම, සමගිය හා සහයෝගිතාවයෙන් කටයුතු කිරීම, එන්නත් පරතරය තුරන් කිරීම, පාලන පද්ධතිය අඛණ්ඩව පරිපූර්ණ කිරීම එම පස්වැදෑරුම්  යෝජනාවන් ය.

ඉදිරියේදී ගෝලීය වසංගත පාලනයට චීනය දක්වන සහායක පියවර ද චීන ජනාධිපතිවරයා විසින් එහිදී ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව ඉදිරි වසර තුන තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලට තවත් ඇ.ඩො. බිලියන තුනක සහනාධාරය සලසා දෙනු ඇත. මුළු ලෝකයට චීනය වඩාත් වැඩි එන්නත් සපයනු ඇත. එන්නත් තාක්ෂණය පවරා දීම, සහයෝගිතාවයෙන් නිෂ්පාදනය කිරීම හා බුද්ධිමය දේපල අයිතියෙන් නිදහස් වීමට අනුබල දීම ඊට අයත්ය. ජගත් එන්නත් සහයෝගාතා සාකච්ඡා සභාවක් ස්ථාපිත කොට ගෝලීය වශයෙන් එන්නත් සාධාරණ ලෙස බෙදා දීම ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම ඒ අතරය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන