චීන යුරෝපා ආයෝජන ගිවිසුම යුරෝපා පාර්ලිමේන්තුව විසින් අක්‍රීය කිරීම සහේතුක නොවේ
2021-05-21 20:27:29
Share with:

චීන යුරෝපා ආයෝජන ගිවිසුම යුරෝපා පාර්ලිමේන්තුව විසින් අක්‍රීය කිරීම සහේතුක නොවේ_fororder_6e7b3ab84106cdaa51541ab13e568e8b

ප්‍රාදේශීය වේලාවෙන් 20වන දින පස්වරුවේ යුරෝපා පාර්ලිමේන්තුව තීරණයක් අනුමත කළේය. චීන යුරෝපා ආයෝජන ගිවිසුමට අවසර ලැබීමට පෙර, චීනය යුරෝපා සංගමය විසින් පනවා ඇති සම්බාධකවලට දැක්වූ ප්‍රති පියවර අත්හිටුවිය යුතු බව එහි සඳහන් වේ. වසර හතක් පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුව එළැඹි චීන යුරෝපා ආයෝජන ගිවිසුම යුරෝපා පාර්ලිමේන්තුව විසින් අක්‍රීය කරනු ලැබූ බව බාහිර ලෝකය අදහස් කරයි.

යුරෝපා පාර්ලිමේන්තුව එම තීරණයට එළඹීම, සහේතුක නොවන ක්‍රියාවකි. පසුගිය මාර්තු මාසයේ චීනයේ ෂින්ජියං ප්‍රදේශය පිළිබඳව පළ වූ සාවද්‍ය තොරතුරු මත යුරෝපා පාර්ශ්වය චීනයේ ඇතැම් පුද්ගලයින් හා ආයතන කෙරෙහි ඒකපාර්ශ්වික සම්බාධක පණවා ඇත. එය චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් අතර ජාත්‍යන්තර නීතිරීති හා ජගත් සබඳතා මූලධර්මයට එරෙහි වීමකි. චීනය ප්‍රති පියවර ගැනීම සිදු කර ඇත්තේ සිය ප්‍රතිලාභ ආරක්ෂා කරමින් යුරෝපයේ සම්බාධකවලට සාධාරණ හා අනිවාර්ය ප්‍රතිචාර දැක්වීම සඳහාය.

යුරෝපා පාර්ලිමේන්තුව ප්‍රති සම්බාධක පියවර අහෝසි කරන ලෙස චීනයෙන් ඉල්ලීම, අපහාසයට ලක් වූ අවස්ථාවක ප්‍රතිප්‍රහාර සිදු නොකරන ලෙස චීනයෙන් ඉල්ලීමක් කිරීමක් සේය. එම ඉල්ලීම අභූත ය. යුරෝපා පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරුන්, අතීතයට ආපසු පැමිණි  සිටියා සේය. අද චීනය, වසර 1840හේ විදේශයන් විසින් හිතාමතාම හිරිහැර පීඩා විඳි චීනය දැයි ඔවුන්ට හිතෙයි ද?

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන