තයිවානය ලෝක සෞඛ්‍ය සම්මේලනයට එක් කරවීමේ ඇමරිකානු දේශපාලනඥයින්ගේ උත්සාහයන් යළි පරාජයට පත්වෙයි
2021-05-21 10:12:46
Share with:

74වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනය ලබන 24වැනි දා ඇරඹේ. සුපුරුදු පරිදි, මෙම වසරේදී ද ලෝක සෞඛ සංවිධානය චීන තායිවාන පළාතට ආරාධනා කිරීම යළි ප්‍රතික්ෂේප කර තිබේ. 2017 වසරේ සිට, පස්වතාවක් එලෙස ආරාධනා කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

එහෙත් චීනයේ තායිවාන පළාතේ විදේශ ආයතන පසුගිය 19වැනි දා ප්‍රකාශ කළේ, ඊනියා ‘ මිත්‍රයා ’ එනම් ඇමරිකාව ඔස්සේ, තායිවානය සම්මේලනයට කැඳවීමේ යෝජනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරන බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයා පසුගිය දා යළි ඉල්ලා සිටියේ තායිවානය සම්මේලනයට කැඳවන ලෙස ය.

තායිවානය හා ඇමරිකාව කෙතරම් උත්සාහ දැරුවද තායිවානය ලෝක සෞඛ්‍ය සම්මේලනයට එක් කරවීමේ උත්සාහයන්  අනිවාර්යයෙන් ම  පරාජයට පත්වන්නේ එකම චීනය යන මූලධර්මය හා ජාත්‍යන්තර එකඟතාවන් එවැනි  ක්‍රියාවන් මගින් ප්‍රකෝපයට ලක් කිරීමට හේතුවන බැවිනි.

නව කොරොනා වසංගතය හට ගත් දා සිට, චීන මධ්‍යම රජය, චීන ගොඩ බිම හා තායිවාන පළාත සහයෝගිතාවයෙන් වසංගත පාලනයට දැවැන්ත උත්සාහයක් දැරීය. මේ යටතේ, තායිවාන පළාත COVAX සැළැස්මට එක් වීමට හැකි වී ඇත. එහෙත්, වාචික ව තායිවානයට සහාය ලබා දෙන බව ප්‍රකාශ කරන ඇමරිකානු දේශපාලනඥයින් තායිවානයට කිසිදු ප්‍රායෝගික උපකාර ලබා දී නොමැත. තායිවාන පළාතේ නිලධාරීන් පසුගිය 19වැනි දා සඳහන් කළේ, මේ දක්වා, ඇමරිකාව තැයිවානයට COVID-19 එන්නතක් වත් අලෙවි කර නොමැති බවයි. තයිවානය ඇමරිකානු දේශපාලනඥයින්ගේ දේශපාලන උපකරණයක් පමණක් බව ඉන් පැහැදිලි ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන