වරාය නගරය ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවට සහ ලක්වැසියන්ට පහසුකම් සහ ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙයි
2021-05-21 12:27:43
Share with:

වරාය නගරය ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවට සහ ලක්වැසියන්ට පහසුකම් සහ ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙයි_fororder_港口城新LOGO

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ මූලෝපායික වශයෙන් ඉතා වටිනා ස්ථානයක පිහිටා ඇති බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කාරණයකි. මෙම පිහිටීමේ වාසිය ලබා ගනිමින් ආර්ථිකයේ නව පිම්මක් පැනීම තවත් ප්‍රමාද නොකළ යුතු අවශ්‍යතාවකි. වරාය නගරය විශේෂ ආර්ථික කලාපය කඩිනමින් ඉදිකිරීම ඉන් යහපත් තේරීමකි. මෙහිදී වටහා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ මෙය විශේෂ ආර්ථික කලාපයක් මිස ඉඩම් කැබැලි කර විකිණීමේ ව්‍යාපෘතියක් නොවන බවය. විශේෂ ආර්ථික කලාපයක් දෙස් විදෙස් ආයෝජකයන් අතර ජනප්‍රිය කරවීමට නම් ඔවුන්ට සරලව සහ ඉක්මණින් ව්‍යාපාර ආරම්භ කළ හැකි මිත්‍රශීලි පරිසරයක් ඇති කිරීම අනිවාර්ය වේ.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පසුගිය 20වනිදා  පාර්ලිමේන්තුවේදී ඡන්ද 149 කින් සම්මත කෙරුණි.ඉන් වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් කඩිනමින් ඉදි කිරීමට නීතිමය පදනමක් සැලසී තිබේ.

වරාය නගර වාර්තාවේ දැක්වෙන ආකාරයට ඉදිකිරීම් අවස්ථාවේදී 160,000ක පමණ පිරිසකට ද, එහි ක්‍රියාකාරීත්වය ඇරඹීමෙන් පසු 210,000ක් පමණ පිරිසකට ද රැකියා ලැබීමට නියමිත අතර එයින් ඉතා වැඩි රැකියා ප්‍රමාණයක් හිමි වනු ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ටය.

වරාය නගරය දකුණු ආසියාවේ පිවිසුම් දොරටුව බවට පත්වන  ඇති. මෙම ව්‍යාපෘතිය මගින් අලුත් නගරයක් මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය කේන්ද්‍රයක් නිර්මාණය වේ. එමෙන්ම ලොව ප්‍රධානතම යටිතල පසුකම්වලින් සපිරි වෙරළබඩ නගර පාරාදීසයක් බවට මෙය පත්වේවි. ආයෝජකයින්ට සරිලන පහසුකම් සැපයීම සදහා නව නීති පාර්ලිමේන්තුවෙදී සම්මත කරනු ලැබීමෙන් විශාල ආර්ථික බලපෑමක් එල්ල කළ හැකි ව්‍යාපාර සදහා පහසු වටපිටාවක් නිර්මාණය වී තිබේ. භූගෝලීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති මෙම නගරයෙන් ලොව පුරා සිටින ආයෝජකයින් උපරිම ප්‍රයෝජනයක් ගනු ඇතැයි ද වරාය නගරය ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවට සහ ලක්වැසියන්ට පහසුකම් සහ ආර්ථික ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි ද දැඩිව විශ්වාස කළ හැකිය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන