"අධිරාජ්‍යවාදය සහ සියලු ප්‍රතිගාමීන් කඩදාසි කොටින්"
2021-05-20 20:12:03
Share with:

"අධිරාජ්‍යවාදය සහ සියලු ප්‍රතිගාමීන් කඩදාසි කොටින්" යන චීන රාජ්‍ය සභාපති මාඕ සේතුං මැතිතුමාගේ ප්‍රකාශය ගැන බොහෝ අය අසා ඇත. මෙම සුප්‍රසිද්ධ ප්‍රකාශය චීන මහජන විමුක්ති යුද්ධයේදී වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඇනා ලුයිස් ස්ට්‍රෝං නම් ඇමරිකානු මාධ්‍යවේදිනිය එම ප්‍රකාශය ප්‍රචලිත කිරීමේ වැදගත් චරිතයකි.

1925, 1927 සහ 1937 යන වර්ෂවලදී ස්ට්‍රෝං චීනයේ  සංචාරය ක‍ළාය. චීනයේ කුවොමින්ටැං පක්ෂය  විප්ලවය පාවා දුන් ආකාරය සහ කම්කරුවන් හා ගොවීන් මර්දනය කළ අයුරු ඇය ලොවට විස්තර කළාය.

"අධිරාජ්‍යවාදය සහ සියලු ප්‍රතිගාමීන් කඩදාසි කොටින්"_fororder_微信图片_20210520154035

1940 දෙසැම්බර් මස අවසානයේදී සිව්වන වරටත් චීනයට පා තැබූ ස්ට්‍රෝං දිගින් දිගටම විප්ලවය වාර්තා කළේ, යුද කාලීන අගනුවර වූ චොංකිං සිටයි. එහි තත්වය පිටතට පෙනුනු තරමට වඩා නොසන්සුන් විය. මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී ස්ට්‍රෝං චොංකිං හි සිටින බව චෞ එන්ලායි මැතිතුමාට ආරංචි වූ විට, ඔහු ඇයට ආරාධනා කළේය. චෞ, ස්ට්‍රෝංට තත්වය පිළිබඳ විස්තර ලබා දුන් අතර ඇයට පිටු 26 ක ලේඛනයක් සහ අතිරේක ද්‍රව්‍ය ද ලබා දී ඇත.

ස්ට්‍රෝං ඉතා ඉක්මණින් එම තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සඳහා උතුරු ඇමරිකානු පුවත්පත් ආයතනයට විවරණයක් යැවීය. ඊට පෙර බොහෝ ඇමරිකානු ප්‍රවෘත්ති ඒජන්සි සහ පුවත්පත් චීන කොමියුනිස්ට් පක්ෂයට පක්ෂපාතීව කිසිවක් ප්‍රකාශයට පත් නොකර තිබිණ.

"අධිරාජ්‍යවාදය සහ සියලු ප්‍රතිගාමීන් කඩදාසි කොටින්"

ජපාන ආක්‍රමණයට එරෙහි ප්‍රතිරෝධී යුද්ධය චීනය ජයග්‍රහණය කිරීමෙන් පසුව, ස්ට්‍රෝං 1946 ජුනි මාසයේදී පස්වන වතාවටත් චීනයේ සංචාරය කළාය. පැරණි විප්ලවීය නගරයක් වන යැන් අන් නගරයේ යැංජියලිං හි ගල් මේසයක් අසලදී ඇයට රාජ්‍ය සභාපති මාඕ සේතුං මැතිතුමා හමු විය. ඔවුහු සිවිල් යුද්ධයේ වර්ධනයන් ගැන සහ කුවොමින්ටැං පක්ෂයේ නායක චියැං කායි-ෂෙක්ට සහාය දුන් එක්සත් ජනපදය ගැන කතා කළහ. "එක්සත් ජනපදය පරමාණු බෝම්බය භාවිතා කරයි යැයි සිතමු?" යනුවෙන් මාධ්‍යවේදිනිය මාවෝ සේතුං ගෙන් විමසුවාය.මදක් කල්පනා කළ ඔහු මෙලෙස පිළිතුරු දුන්නේය.

"පරමාණු බෝම්බය යනු එක්සත් ජනපද ප්‍රතිගාමීන් මිනිසුන් බිය ගැන්වීමට භාවිතා කරන කඩදාසි කොටියෙක්. එය භයානක බව පෙනේ, නමුත් ඇත්ත වශයෙන්ම එය එසේ නොවේ."

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන