චීන විප්ලවය වෙනුවෙන් ජීවිතයේ හොඳම කාලය කැප කළ ඉන්දියානු වෛද්‍යවරයා
2021-05-20 20:14:24
Share with:

ජපාන ආක්‍රමණයට එරෙහිව චීනය පූර්ණ ලෙස ප්‍රතිරෝධී යුද්ධයක් ආරම්භ කර වසර පහකට පසුව 1942 ජූලි 7 වන දින තරුණ ඉන්දියානු වෛද්‍යවරයෙක් චීන කොමියුනිස්ට් පක්ෂයට  එක්වන බවට රතු ධජය ඉදිරියේ දිවුරුම් දුන්නේය. එවකට ඔහු සිටියේ ෂැන්සි-චහාර්-හෙබෙයි දේශ සීමාවේ යුධ පිටියේ ය. දිවුරුම් දීමෙන් පසු, ඔහු අවසන් හුස්ම හෙළන තෙක් ජනතාව සමඟ එක්ව සටන් කරන බව උද්යෝගයෙන් ප්‍රකාශ කළේය. ඔහුගේ නම ද්වාර්කානාත් කොට්නිස් ය. අටවන මාර්ග හමුදාවේ සොල්දාදුවෝ සහ ගම්වාසීහු ඔහු “ඕල්ඩ් කේ” ලෙස හැඳින්වූහ.

චීන විප්ලවය වෙනුවෙන් ජීවිතයේ හොඳම කාලය කැප කළ ඉන්දියානු වෛද්‍යවරයා_fororder_微信图片_20210520153959

චීනය සමඟ ඕල්ඩ් කේගේ බැඳීම ආරම්භ වූයේ එවකට අටවන හමුදාවේ අණ දෙන නිලධාරි ජූ ද, ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායක ජවහර්ලාල් නේරු වෙත ලිපියක් යවමින් ඉන්දියාවෙන් ද්‍රව්‍යමය හා වෛද්‍ය ආධාර ඉල්ලා සිටිමිනි. චීනයේ යුද්ධය උත්සන්න වෙද්දී හමුදාව වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයකට ලක්ව සිටියේය. ලිපිය ලැබුණු වහාම ඉන්දීය පාර්ශ්වය එක්රැස් වී යුද්ධයේ ගිනිදැල් මධ්‍යයේ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් චීනයට යැවීය. වෛද්‍ය කොට්නිස් ඉන් එක් අයෙකි.

යුධ පිටියට ගොස් චීන ජනතාව වැඩිපුරම පීඩා විඳි ස්ථානවල ඔහු සේවය කළේය. අටවන හමුදාවේ සැබෑ සොල්දාදුවෙකු ලෙස සැලකූ ඔහු විමුක්ති ප්‍රදේශවල අරගලය හා ජීවිතය සමඟ සම්පූර්ණයෙන්ම මුසු විය. කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් හා අටවන හමුදාව සමඟ උරෙන් උර ගැටී සටන් කළ ඕල්ඩ් කේ ෂැන්සි-චහාර්-හෙබෙයි දේශසීමා කලාපයේ ප්‍රසිද්ධියට පත්විය.

ඔහු සිය ජීවිතයේ හොඳම කාලය පවා චීන විප්ලවය වෙනුවෙන් කැප කළේය. ඔහු පක්ෂයට දුන් දිවුරුම සැබවින්ම ඉටු කර තිබේ.

චීන විප්ලවය වෙනුවෙන් ජීවිතයේ හොඳම කාලය කැප කළ ඉන්දියානු වෛද්‍යවරයා_fororder_微信图片_20210520153952

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන