බයිඩන් රජය තවමත් " America First " යන වැරදි මාවතේ ගමන් කරමින් සිටී
2021-05-19 13:10:45
Share with:

බයිඩන් රජය තවමත් " America First " යන වැරදි මාවතේ ගමන් කරමින් සිටී_fororder_QQ图片20210519130949

බයිඩන් ශෛලියේ America First ප්‍රතිපත්තිය ලොව පුරා වේදනාව පතුරුවා හරිමින් තිබේ. බයිඩන් රජය සෙසු රටවල යහපතට හානි වන ආකාරයෙන් ඇමරිකාවේ වාසිය වෙනුවෙන් කටයුතු කරමින් සිටී. ට්‍රම්ප් රජයේ America First ප්‍රතිපත්තිය අනුගමනය නොකරන බව බයිඩන් රජය අවධාරණය කළද, පසුගිය දින 100 තුළ එහි ක්‍රියාකාරිත්වය "වචන හා ක්‍රියාව නොගැලපීම" යන්න සම්පූර්ණයෙන් නිරූපණය කර තිබේ.

එන්නත් ජාතිකවාදයෙන් එන්නත් අසාධාරණ ලෙස බෙදා හැරීම, වත්මන් ගෝලීය වසංගත වැළැක්වීම සහ පාලනය අවහිර කරන්නකි. එන්නත් ජාතිකවාදයේ ප්‍රධාන ප්‍රවර්ධකයා වන්නේ ඇමරිකානු රජයයි. ඇතැම් ආයතන හා මාධ්‍යවල සංඛ්‍යාලේඛනවලට අනුව, ඇමරිකාව තම අවශ්‍යතාවයට වඩා වැඩියෙන් එන්නත් මාත්‍රා බිලියන 2.6 ක් ලබාගෙන ඇති අතර එය ලෝකයේ සමස්ත එන්නත් ප්‍රමාණයෙන් 25% කි. එන්නත් මාත්‍රා මිලියන සිය ගණනක් ගබඩා තුළ අක්‍රිය වෙමින් පවතී.

චීනය, රුසියාව සහ වෙනත් රටවල් සැබැ ලෙසම එන්නත් සඳහා විදේශ ආධාර සපයන බව ලෝකයා දැක ඇති නමුත් මෙතෙක් එම “ඇමරිකානු ක්‍රියාමාර්ග”දැක නැත. ඇමරිකාව තවමත් උද්ධමනකාරී බලපෑම් අඛණ්ඩව වෙනත් රටවලට ලබා දෙමින් සිටී. බයිඩන් රජයේ ආර්ථික ප්‍රතිපත්තියේ අරමුණ දේශීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම වුවද, එය ආහාර ඇතුළු ප්‍රධාන ගෝලීය භාණ්ඩවල මිල ඓතිහාසිකව ඉහළ යාමට හේතු වී තිබේ.

“ඇමරිකාව ආපසු පැමිණ ඇත”යනුවෙන් බයිඩන් පසුගිය පෙබරවාරි මාසයේ සිය පළමු විදේශ ප්‍රතිපත්ති කථාවේදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඇමරිකාවට සැබවින් ම ජාත්‍යන්තර පවුල වෙත ආපසු යාමට කැමති නම්, ඔවුන් සිය ක්‍රියාවන් මගින් දේශාභිමානය හා ආත්මාර්ථකාමීත්වය අත්හැර දමා සැබෑ බහුපාර්ශ්වවාදයේ නිරත විය යුතුය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන