පලස්තීන ඊශ්‍රායල ගැටළුව පිළිබඳ වගකීමෙන් ඇමරිකාවට නිදහස් විය නොහැක
2021-05-19 19:33:28
Share with:

පලස්තීන ඊශ්‍රායල ගැටළුව පිළිබඳ වගකීමෙන් ඇමරිකාවට නිදහස් විය නොහැක_fororder_6a7789186b40747d07a9b943088f4f03

මාධ්‍ය ඔස්සේ පළ වූ සංවේදී ඡායාරූපයක් ලෝක වාසීන්ගේ සිත් දැඩි වේදනාවට පත් කර තිබේ. පලස්තීන කාන්තාවක් සිය කුඩා දරුවා වැළඳ ගෙන යුද ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ගාසා තීරයේ පාසලක රැඳී සිටින අයුරු එහි දැක්වේ. එම දරුවා බියකරු ඇස්වලින් අවට ලෝකය දෙස බලන ආකාරය ඕනෑම කෙනෙකුගේ සිත කම්පාවට පත් කරවීමට හේතු වී ඇත. මෙවර පලස්තීන ඊශ්‍රායල ගැටුමෙන් දරුවන් 63 දෙනෙකු ඇතුළු පලස්තීන සිවිල් වැසියන් 217 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

මෙවන් බරපතල මානුෂ්‍යවාදී අර්බුදයකට මුහුණ දීමේදී ඇමරිකානු රජය කර තිබෙන්නේ කුමක් ද? එරට පෙර සේම ඊශ්‍රායලයට පක්ෂපාතී ලෙස කටයුතු කළේය. පලස්තීන ඊශ්‍රායල යුද විරාමයකට පැමිණී‍ම පිළිබඳ නිවේදනයක් ආරක්ෂක මණ්ඩලය විසින් අනුමත කිරීමට ඇමරිකාව කිහිප වතාවක් බාධා කර ඇත. තවද, වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ වාර්තාවකට අනුව, ඇමරිකාව ඇ.ඩො. කෝටි 73.5ක වටිනාකමක් ඇති නිරවද්‍ය මඟපෙන්වීම ඇති මිසයිල ඇතුළු  අවි ආයුධ ඊශ්‍රායලයට විකිණීමට සැරසේ. මෙවර පලස්තීන ඊශ්‍රායල ගැටුම තුළදී ඇමරිකාව මානවයාගේ හෘද සාක්ෂියට හා සාධාරණයට විරුද්ධ පැත්තේ සිට ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් සේ මැදපෙරදිග ප්‍රදේශයේ තත්ත්වයට මැදිහත් වෙමින් සිටියි.

‘ඇමරිකාවේ ක්‍රියාකලාපය, පලස්තීන ජනතාවගේ හදවතට දැඩි වෛරයක් ගෙන දී තිබෙනවා’ කියා ඇමරිකාවේ සිටින පලස්තීන ජාතික දේශපාලන විශ්ලේෂක Khalil Jahshan මහතා පවසා ඇත. ඇමරිකාවට, තවමත් උග්‍ර වෙමින් පවතින පලස්තීන ඊශ්‍රායල ගැටළුව පිළිබඳ වගකීමෙන් නිදහස් වීමට නොහැක. පලස්තීන ජනතාවගේ ජීවිත වැදගත් ද? ගාසා තීරයේ ජනතාවගේ මානව හිමිකම්, මානව හිමිකම් නොවේ දැයි, ලෝකයේ විවිධ රටවල සමාජ වෙබ් අඩවි පරිශීලකයින් ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතාගෙන් ප්‍රශ්න කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන