මුල් අභිප්‍රාය සෑම විටම අමතක නොකරන චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයන්
2021-05-18 16:27:29
Share with:

මුල් අභිප්‍රාය සෑම විටම අමතක නොකරන චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයන්_fororder_QQ图片20210518162624

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන්ගේ මුල් අභිප්‍රාය සහ මෙහෙවර චීන ජනතාවගේ සතුට හා චීන ජාතියේ පුනර්ජීවනය වෙනුවෙන් කැප වීමයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයන් දස දහස් ගණනක් සිය මුල් අභිප්‍රාය සෑම විටම අමතක නොකර, දිනපතාම තම තමන්ගේ රැකියාවන්හි වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් වත්මන් සමෘද්ධිමත් චීනය නිර්මාණය කොට තිබේ. සාමාන්‍ය කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් තුන් දෙනෙක් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමේ මුල් අභිප්‍රාය අව්‍යාජ භාෂාවෙන් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

පසුගිය ශතවර්ෂයේ 60 ගණන්වල ඉපදුනු Zhang Hongyu මහතා විශ්ව විද්‍යාල ගුරුවරයෙකි. ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමේ මුල් අභිප්‍රාය ගැන සඳහන් කළ විට මෙසේ පැවසීය:

“මම ළමා කාලයේ වීරයන්ට නමස්කාර කළා. මව්රට වෙනුවෙන් දිවි පිදූ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් මගේ ළමා කාලය තුළ ගැඹුරු බලපෑමක් සිදු කළා. මම හිතන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රේෂ්ඨ පක්ෂයක්. විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු මම අධිෂ්ඨානශීලීව චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා. සරලව කිවහොත්, පක්ෂයට බැඳීමේ මගේ මුල් අභිප්‍රාය වන්නේ මගේ ළමා කාලය පිළිබඳ සිහින සැබෑ කර සමාජයට සේවය කළ හැකි වගකිවයුතු පුද්ගලයෙකු වීමයි. ”

LiLi වෛද්‍යවරියකි. ඇය චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම ගැන සිහිපත් කරමින් මෙසේ සඳහන් කළාය:

"වසර 21කට කළින් මම ජ්‍යෙෂ්ඨ මධ්‍ය විද්‍යාලයක තුන්වන ශ්‍රේණියේ ශිෂ්‍යාවක්. මම පන්ති නායිකාව වුනා. යම් අවස්ථාවකදී පන්ති භාර ගුරුවරයා මට කිව්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලැබීමට මට නිර්දේශ කරලා කියලයි.'දැන් පන්ති නායිකාව වශයෙන් ඔයා පන්තියේ සිසුන්ට සේවය කළ යුතු අතර අනාගතයේ සමාජයට ඇතුළත් වීමෙන් පසු ඔයා ජනතාවට සේවය කළ යුතු"යනුවෙන් ගුරුවරයා මට කිව්වා. මම වයසින් වැඩෙත්ම ගුරුවරයාගේ කතාව මගේ ආදර්ශ පාඨය බවට පත්ව ඇති අතර මෙය තමයි මම කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලැබීමේ මුල් අභිප්‍රායයි.

LiJin පොලිස් නිලධාරිනියක්. ඇය මෙලෙස පැවසුවාය:

“මම චීන කොමියුනිස්ට් පක්ෂයට බැඳුණේ මට වයස අවුරුදු 19 දීයි. ඒ කාලයේ මම හමුදා ඇකඩමියකට සහභාගි වෙමින් සිටියා. චීන කොමියුනිස්ට් පක්ෂයට බැඳීමට ඇති මුල් අභිප්‍රාය සරලයි. ඒ විශිෂ්ට කාන්තා සොල්දාදුවෙකු බවට පත් වීමයි. බිම් මට්ටමේ පොලිස් නිලධාරිනියක වශයෙන් මම සැමවිටම ජනතාවට මුළු හදවතින්ම සේවය කරනවා.”

මුල් අභිප්‍රාය අමතක නොකිරීම සහ මෙහෙවර මතක තබා ගැනීම චීන කොමියුනිස්ට් පක්ෂයේ සාර්ථකත්වයේ තීරණත්මකභාවයයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ අඛණ්ඩ ජයග්‍රහණය සහතික කරනුයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ දහස් සංඛ්‍යාත සාමාන්‍ය සාමාජිකයන්ගේ පිරිසිදු මුල් අභිලාෂයන් ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන