මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ආරක්ෂාව සඳහා ගත යුතු මග
2021-05-17 20:23:08
Share with:

මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ආරක්ෂාව සඳහා ගත යුතු මග_fororder_1621245662282_329_800x531

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මැයි මස වාරික සභාපති රට වශයෙන් චීනය මුලසුන දැරීම යටතේ පලස්තීන ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ හදිසි රැස්වීමක් ඊයේ(16) කැඳවිණ. දෙපාර්ශ්වය වහාම ප්‍රචණ්ඩ ක්‍රියා නතර කළ යුතු බවත් ඇමරිකාව තම වගකීම් ඉටු කළ යුතු බවත් රැස්වීම ඉල්ලා ඇත.

මෙහිදී ඇමරිකාව යන රට විශේෂයෙන්ම සඳහන් කර ඇත්තේ වත්මන් පලස්තීන ඊශ්‍රායල ගැටුම ඇමරිකාව විසින් ක්‍රියාත්මක කළ වැරදි මැදපෙරදිග ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස සැලකෙන නිසාය.

පැවති ඇමරිකානු රජය, පලස්තීන ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් පැහැදිලිව ම ඊශ්‍රායලයට පක්ෂපාතී ලෙස කටයුතු කර ඇත. ජෙරුසලම නගරය ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළි ගැනිණ. යුදෙව් ජාතිකයින්ගේ වාසස්ථාන නිත්‍යනුකූල බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරිණ. එබඳු ක්‍රියා මගින් මැදපෙරදිග ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය උග්‍ර විය.

දැනට සීය ගණනක් මරණයට පත් වෙද්දී ඇමරිකාව පළ කර ඇත්තේ උදාසීන ආකල්පයක් පමණය. ආරක්ෂක මණ්ඩලය තුළ ගැටුම පිළිබඳව හඬ නැගීමේ දී එරට කිහිප වරක් ම බාධා කිරීමට තැත් කළේය. මානව හිමිකම් සම්බන්ධයෙන් එරට අනුගමනය කර ඇත්තේ ද්විත්ව ප්‍රමිතියකි. පලස්තීන ගැටුම තිරසර, සාධාරණ, සම්පූර්ණ ලෙස විසඳා ගැනීමෙන් පමණක් මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ආරක්ෂාව උදා කර ගත හැකි බවට ජගත් ප්‍රජාවට යළිත් අනතුරු අඟවා ඇත්තේ වත්මන් පලස්තීන ඊශ්‍රායල ගැටුම සැලකිල්ලට ගනිමිනි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන