චීනයේ නොපසුබට අධිෂ්ඨානය යළිත් පෙන්නුම් කරන අඟහරු ගවේෂණය
2021-05-16 19:53:35
Share with:

චීනයේ අඟහරු ගවේෂණ යානය සාර්ථකව ගොඩබෑම මෙතෙක් චීනය අජටාකාශ ක්ෂේත්‍රයේ ලබාගෙන ඇති විශිෂ්ටතම ජයග්‍රහණය බවත්, එයින් චීනයේ නොපසුබට අධිෂ්ඨානය ඔප්පු වී ඇති බවත්, ඇමරිකාවේ Scientific American සඟරාවේ වෙබ් අඩවියේ සඳහන් වේ. අඟහරු ග්‍රහයා මත ගවේෂණ යානයක් ගොඩබැස්සූ ලොව 2වැනි රට බවට චීනය පත් ව සිටින බව ‍CNN වෙබ් අඩවිය අද (16) සිය මුල් පිටුවේ වාර්තා කර ඇත. මේ අතර, ඇමරිකාවේ NASA ආයතනය සහ යුරෝපා අජටාකාශ ඒජන්සිය ඇතුළු ආයතන රැසක් චීනයට සුබ පැතුම් යොමු කර ඇත.

අඟහරු ගවේෂණය ගෝලීය මට්ටමින් පිළිගන්නා ලද අසීරුතම අජටාකාශ ව්‍යාපෘතියකි. 1960 වසරේ සිට මේ දක්වා එම ‍ගවේෂණය සඳහා සිදු කරන ලද අත්හදා බැලීම්වලින් සාර්ථක වූයේ 50%ක් පමණි. එහෙත් චීනය අඟහරු ගවේෂණය ප්‍රථම වරට සිදු කළ ද එය එක්වරම සාර්ථක විය. 2011 වසරේ සිට අඟහරු ගවේෂණ ක්ෂේත්‍රයේ ඇමරිකාව විසින් චීනය කොන් කරනු ලැබුවත් දිගුකාලීන ස්වෝත්සාහයෙන් චීනය දැන් එම ක‍්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටී.

මෙවර අඟහරු ගවේෂණය වෙනුවෙන් චීනය යුරෝපා අජටාකාශ ඒජන්සිය, ප්‍රංශය ,ආර්ජන්ටිනාව හා ඔස්ට්‍රියාව ඇතුළු රටවල අජටාකාශ ආයතන සමග සහයෝගයෙන් කටයුතු කර තිබේ. චීනයේ මෙවර සාර්ථක අඟහරු ගවේෂණය ඉදිරියේදී ජාත්‍යන්තර අජටාකාශ සහයෝගතා තවදුරටත් වර්ධනය කිරීමට නව වේදිකාවක් ස්ථාපිත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන