සත්‍ය දැන දැනම අසත්‍ය පතුරුවන ඇතැම් බටහිර රටවල්
2021-05-14 10:37:12
Share with:

සත්‍ය දැන දැනම අසත්‍ය පතුරුවන ඇතැම් බටහිර රටවල්_fororder_d53f8794a4c27d1e9b9741d3a78cd366dcc438d1

සිය ප්‍රකාශ අසත්‍ය බව සත්‍ය කරුණු මගින් යළි යළිත් ඔප්පු වී තිබුණද ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල් තවමත් අසත්‍ය දේ ප්‍රචාරය කිරීමට උනන්දුවෙන් සිටියි. පසුගිය 12 වනදා, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු රටවල් කිපිහයක් හා රාජ්‍ය නොවන සංවිධාන විසින්, එක්සත් ජාතීන්ගේ වේදිකාව අයුතු ලෙස භාවිත කරමින් ඊනියා ‘චීනයේ ෂින්ජියං මානව හිමිකම් තත්ත්වය’ පිළිබඳ සමගාමී රැස්වීමක් සංවිධාන කරන ලදි.

   මීට පෙර ඉදිරිපත් කළ දුර්වල  රඟපෑම් සේම, මෙවර ද එම බටහිර රටවල් යළිත් උපරිම ශක්තියෙන් බොරු ගෙතීමෙහි ලා ද සාවද්‍ය තොරතුරු ප්‍රචලිත කිරීමෙහි ලා ද නිරත‍ වෙමින් ‘ජන සංහාරය’ ‘බලහත්කාර ශ්‍රම වැඩවලට යෙදවීම’ යන අපරාධ නාමය චීනයට පැණවීමට තැත් කළේය. ඉන් ඔවුන්ගේ චීන විරෝධී අරමුණ හා ෂින්ජියං ප්‍රදේශය හරහා චීනය මර්දනය කිරීමේ කුමන්ත්‍රණය ඉතා පැහැදිලිය. දේශපාලන වාසී හඹා යාම උදෙසා එම රටවල් එක්සත් ජාතීන්ගේ වේදිකාව, සිය සංදර්ශන වේදිකාවක් ලෙස යොදා ගැනීම, විකට නාට්‍යයක් සේ ය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කෙරුණු ඔවුන්ගේ හැසිරීම්,  බහුතර එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල දැඩි විරෝධයට ලක් විය.

චීනයේ ෂින්ජියං ස්වයාත්තයේ ඉතිහාසය පිළිබඳ මද අවබෝධයක් හෝ ඇත්නම්, ෂින්ජියං ප්‍රශ්නයේ මූලය, ත්‍රස්ත විරෝධී හා අන්තවාදය තුරන් කිරීමේ ප්‍රශ්නය බව තේරුම් ගත හැකිය. ඇතැම් බටහිර රටවල් මානව හිමිකම් ප්‍රශ්නය උද්දීපනය කරමින් සිටියද එම රටවලට එක්සත් ජාතීන්ගේ හෝ වේවා ජගත් ප්‍රජාව හෝ වේවා නියෝජනය කළ නොහැකි ය.

කෙසේ වුවද දැනට ෂින්ජියං ප්‍රශ්නය සම්බන්ධයෙන් සාධාරණ හා යුක්තිසහගත හඬ එන්න එන්න වැඩි වශයෙන් ඇසී තිබේ. ඔස්ට්‍රේලියාව, ස්වීඩනය, බ්‍රසීලය, සිංගප්පූරුව යන රටවල මාධ්‍ය ආයතන මෑතකදී ලිපි හා වාර්තා පළ කරමින් ෂින්ජියංහි ලත් ත්‍රස්ත විරෝධී ජයග්‍රහණ ප්‍රශංසා‍වට ලක් කර ඇත. ‘ජන සංහාරය’ ‘බලහත්කාර ශ්‍රම වැඩවලට යෙදවීම’පිළිබඳ කියමන සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බව ස්වීඩනයේ සාමය හා අනාගතය පිළිබඳ පර්යේෂණ අරමුදල හා ස්වාධීන වශයෙන් ක්‍රියාත්මක කෙරෙන ඇමරිකානු Counterpunch වෙබ් අඩවිය අනාවරණය කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන