චීනය විදේශ ආයෝජකයන්ගේ විශේෂ කැමැත්තට ලක් වීම පුදුමයක් නොවේ
2021-05-14 20:25:38
Share with:

“චීනය විදේශ ප්‍රාග්ධනය අකර්ෂණය කිරීමේ ක්‍රියාවලිය වාර්තාගත වේගයකින් අඛණ්ඩ ව සිදු වෙමින් පවතී.”යනුවෙන් රුසියාවේ RIA Novosti පුවත් සේවය පසුගිය දා පළ කළ ලිපියක සඳහන් වේ. චීන වාණිජ අමාත්‍යංශය ඊයේ (13 ) නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛන අනුව මේ වසරේ මුල් මාස 4 තුළ චීනයේ අලුතෙන් ස්ථාපිත වූ ව්‍යවසායන් සංඛ්‍යාව පසුගිය වසරට වඩා 50.2%කින් වර්ධනය වී තිබේ. එම කාලයේ චීනය භාවිත කළ විදේශ ආ‍යෝජනය 2020 වසරට වඩා 38.6%කින් වැඩි වී ඇත. මේ වන විට චීනය ඇමරිකාව අභිබවමින් ලොව විශාලතම ආ‍යෝජන ගමනාන්තය බවට පත් ව සිටී.

විදේශ ආ‍යෝජකයන් චීනයට වැඩි කැමැත්තක් දැක්වීමට හේතු සාධක රැසක් තිබේ. පූර්ණ කර්මාන්ත දාමය, තාක්‍ෂණික නවෝත්පාදන ශක්තිය, පහසු සැපයුම් පද්ධතිය සහ බහුල මානව සම්පත් චීනය සතුව ඇත. මෙය විදේශ ව්‍යවසායන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය පිරිවැය විශාල වශයෙන් අඩු කිරීමට එය ඉවහල් වේ.

මීට අමතරව, බිලියන 1.4ක ජනගහනයක් සිටින දැවැන්ත පාරිභෝගික වෙළඳපොලක්  චීනයට හිමි වේ. චීන ආර්ථිකය වඩාත් ඉදිරියට ගෙන යාමට එයින් ගාමක ශක්තියක් ලැබේ. කොරොනා වසංගතය දරුණු ව පැවති 2020 වසරේ වුව ද චීනයේ රැඳී සිටින විදේශ සමාගම්වලින් 60%ක් ලාභ ලබා ගැනීමට සමත් වූ බව සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ.

මෑත වසරවල විදේශ ව්‍යවසායන් චීනයේ ආ‍යෝජනය කිරීමට අවශ්‍ය යහපත් වාණිජ පරිසරයක් නිර්මාණය කිරීමට චීනය අඛණ්ඩව උත්සාහ දරමින් සිටී. වඩාත් ඉහළ මට්ටමකින් විවෘතභාවය ක්‍රියාත්මක කිරීමට චීනය සැමවිටම කටයුතු කරයි. එබැවින් චීනය විදේශ ආයෝජකයන්ගේ විශේෂ කැමැත්තට ලක් වීම පුදුමයක් නොවේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන