ලෝකය "ඇමරිකා ක්‍රියාව" දැකීමට කැමතියි
2021-05-12 15:31:28
Share with:

ලෝකය "ඇමරිකා ක්‍රියාව" දැකීමට කැමතියි_fororder_QQ图片20210512152941

මීට දින කිහිපයකට පෙර ඇමරිකානු රජය නව කොරොනා එන්නත සඳහා බුද්ධිමය දේපල අයිතිවාසිකම් අත්හැරීම සඳහා සිය සහයෝගය ප්‍රකාශ කළේය. මෙය ඡන්ද දායකයින්ගේ අවධානය වහාම ආකර්ෂණය  කර ගැනීමට හේතු වෙනවා මිස වර්තමාන වසංගතය සමනය කිරීම සඳහා ඵලදායී විසඳුමක් නොවන බව වොෂිංටන් පෝස්ට් පුවත්පත මේ සම්බන්ධයෙන් ලිපියක් පළ කරමින් පෙන්වා දෙයි.බොහෝ ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ ඇමරිකාවේ මෙම ප්‍රකාශය දේශපාලන සංදර්ශනයක් වන බවයි . ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් සහ ක්‍රියාකාරී සහයෝගයක් එහි නොමැත.

නව කොරොනා එන්නතෙහි බුද්ධිමය දේපල ආරක්ෂාව නිදහස් කිරීම සඳහා, ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයින් 164 දෙනෙකු පදනම් කරගත් සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණිය යුතුය. දිගු කාළීන සාකච්ඡාවකින් වසංගතයට එරෙහිව සටන් කිරීමේ වත්මන් ගැටළුව විසඳන්නේ කෙසේද? පසුගියදා යුරෝපා කොමිසමේ සභාපති Ursula von der Leyen  පැවසුවේ ලෝකයේ ප්‍රමුඛතාව බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අත්හැරීම නොව එන්නත් ප්‍රමාණවත් ලෙස සැපයීම හා සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම බවයි.

වර්තමාන ගෝලීය එන්නත් අර්බුදයට හේතුව පේටන්ට් හිමිකම් ප්‍රශ්නය නොව “එන්නත් ජාතිකවාදය” ය. ඇමරිකානු රජය ආරක්ෂක නිෂ්පාදන පනත භාවිත කරමින් එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ නිපැදවූ එන්නත්වලින් 100% ක් පමණ තමා විසින්ම ලබා ගෙන තිබේ. එපමණක් නොව ඇමරිකාව එන්නත් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අපනයනය කිරීම තහනම් කරමින් වසංගත මර්දනය සඳහා ගෝලීය සහයෝගීතාවයට බරපතල ලෙස බාධා කර තිබේ.

ඉහළ පැතිකඩකට වඩා සැබෑ ක්‍රියාවන් ලෝකයට අවශ්‍යයි. වර්තමානයේ චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 80 කට වැඩි සංඛ්‍යාවකට එන්නත් ආධාර ලබා දී ඇති අතර රටවල් 50 කට වැඩි සංඛ්‍යාවකට එන්නත් අපනයනය කර තිබේ. සිනෝෆාම් එන්නත ලෝක ‍සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් චීන එන්නත් සැබවින්ම ලෝකයට සේවය කරනු ඇත.

ඇමරිකාව එන්නත් සඳහා අපනයන සීමා ඉවත් කර අර්බුදයට ලක්ව ඇති රටවලට සහ ජනතාවට උපකාර කළ හැකි නම්, එය ලෝකය අපේක්ෂා කරන “ඇමරිකා ක්‍රියාව” වනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන